Language Switcher

Ad

Ad 01

V2025

ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත සයිනයිඩ් කරලක් - පුබුදු

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත බුරියානි එකක් අස්සෙ දාලා සයිනයිඩ්කරල දෙනවා වගේ වැඩක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත හරහා ඉතාම බරපතළ දෙයක් ආණ්ඩුව කරන්න හදනවා. බුරියානි එකක් අස්සෙ දාලා සයිනයිඩ් කරල දෙනවා වගේ වැඩක් මේ කරල තියෙන්නෙ.

ඉඩම් වලට අදාල යම් හොඳ කරුණු ගණනාවක් දාලා ඇතුලට ඔබල තියෙනවා ලංකාවේ ගොවියගෙ ඉඩම් අහිමි කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්ම. මේ පනත් කෙටුම්පතේ 4 වෙනි වගන්තියට අනුව ඉඩම් සංවර්ධන ආඥා පනතේ දහ නමය හය උප වගන්තියෙ එක දෙක කියන කොටස් ටික වෙනස් කරනවා.

ලංකාවේ ගොවියන්ගෙන් තමන්ටම කියලා ඉඩමක් තියෙන ගොවීන් ප්‍රමාණය ඉතාම අවමයි ලංකාවේ. ගොඩක් ගොවීන් රජයේ ඉඩම්වල වගා කරන්නේ. ඔවුන්ගෙන් 80% ක විතර ප්‍රමාණයක් ඉන්නවා කිසිම වලංගු ලියැවිල්ලක් නැතිව පරම්පරා ගනනක් තිස්සේ රජයේ ඉඩම් වල වවන අය. තවත් පිරිසක් ඉන්නවා ඒ අය රජයේ ඉඩම්වල වවනවා ඒ අයට ස්වර්ණභූමි ජයභූමි වගේ ඔප්පු ලබා දීලා තියෙනවා. එහෙම නැතිනම් වගා බලපත්‍ර ලබා දීලා තියෙනවා. ස්වර්ණ භූමි ජය භූමි ඔප්පු වල හා වගා බලපත්‍ර වල තියෙන ප්‍රධාන කාරණය තමයි ඒ ඉඩම් වල වගා කළ හැකි නමුත් ඒවා විකුණන්න බෑ. ඒක තමයි ඉඩම් ආඥා පනතේ 19 වගන්තිය නිශ්චිතව කියලා තියෙන්නෙ.

දැන් මේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ 4 වෙනි වගන්තියෙ කියනවා හත හය උප වගන්තියෙ ආ ඡේදය විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණ ද ඒ ඉඩම් කොටස බලපත්‍රලාභී වාණිජ බැංකු, රාජ්‍ය උගස් සහ ආයෝජන බැංකුව, ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ලියා පදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ වෙනත් නියමිත ආයතනයක් වෙත උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැති අවශ්‍ය නොවන්නේය කියල. දැන් ඉඩම් අන්සතු කළ නොහැකිය කියන වගන්තිය වෙනස් කරල අවශ්‍ය නම් උගස් කරන්න පුළුවන් කියලා වගන්තිය දාලා. ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට. එහෙමත් නැතිනම් මේ නම් කරල තියෙන රාජ්‍ය බැංකු ටික. එහෙමත් නැතිනම් ලියා පදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ ආයතනයක්. ඒ කියන්නේ මහ බැංකුවේ මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි කරනු ලැබූ ඕන කෙනෙකුට තමන්ගේ ඉඩම උගස් කරන්න පුළුවන්. අපි අහනව උගස් කිරීම සඳහා ප්‍රතිපාදන දෙන්නේ මොකක් යටතේ ද? උගස බේරගන්න බැරුව අදාල මූල්‍ය ආයතනයට ඉඩම සින්න වුණොත් මොකද වෙන්නේ. ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා ඒවා වෙළෙඳ පොළට මුදාහැරලා ඒවා විකුණන්න සලස්වලා ගොවියාට ඉඩම අහිමි කරල දැවැන්ත ඒකාධිකාරී සමාගම් ඒ ඉඩම් සතු කරගන්න සැලසුම් ප්‍රමාණයක් පහුගිය කාලය පුරා ආවා. ආසන්න උදාහරණ ගත්තොත් , එම් සී සී ගිවිසුම ආවා. එම් සී සී ගිවිසුමෙන් උත්සාහ කළේ ගොවීන්ට විකිණිය හැකි ඔප්පු ලබා දීලා ඒක හරි ලොකුවට කිව්වේ ගොවියා වගාකරන ඉඩමට ගොවියට අයිතිය ලබා දෙනවා කියලා.

යහපාලන ආණ්ඩුව ඉඩම් බැංකු පනත කියලා පනතක් ගෙනාවා. 2017 ඒ අය උත්සාහ කරා රජයේ ඉඩම් සියල්ල වෙළඳ භාණ්ඩ කරන්න.

එම්සීසී එකත් ලංකාවේ ජනතාව පරාජය කරා. ඉඩම් බැංකු පනතත් ලංකාවේ ජනතාව පරාජය කළා. 2017 යහපාලන ආණ්ඩුව ගෙනාවා ඉඩම් විශේෂ විධිවිධාන පනත කියලා එකක්. ඒ පනත හරහා උත්සාහ කළේ ගොවියන්ගේ ඉඩම්වලට ඔප්පු දීලා ඒ ඔප්පු හරහා ගොවියන්ගේ ඉඩම් විකිණිය හැකි ඒවා බවට පත්කරන්න.

ඒකත් අකුල ගන්න සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුවක් දුන්නා ඒ පනත නීතිවිරෝධී, ගොවියන්ගේ ඉඩම් වෙළඳපොළට මුදා හරින්න බෑ, ඉඩම් විෂය අදාළ පළාත් සභා වලට නිසා එවැනි නීතියක් සම්මත කරනවා නම් සියලු පළාත් සභා ඒකට අනුමැතිය දිය යුතුයි කියලා අධිකරණයේ තීන්දුවක් තිබුණා. ගම්මන්පිල ම්හත්තය කිය කිය හිටියේ එම්සීසී උපක්‍රමිකව පැරැද්දුවා. අපි එහෙම තමයි වැඩ කරන්නේ කිය කිය හිටියෙ. දැන් අන්තිමට වෙලා තියෙන්නෙ එම්සීසී එකේ තියෙන ප්‍රධානම පියවරක් පනත් කෙටුම්පතට ඇතුළු කරල තියනවා. හොර නාඩගම එක්ක වෙච්ච තත්ත්වය නිසා සුළු ගොවිය ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ. සුළු ගොවියා ඉඩම උගස් කරාට පස්සේ ඉඩම බේරගන්න බැරිවෙනවා. බේරගන්න බැරි උනාට පස්සේ මූල්‍ය ආයතනය තමන්ට සින්න වෙච්ච ඉඩම විකුණනවා.

ඉඩම විකුනනකොට දැවැන්ත කෘෂි සමාගම් ඒකාධිකාර සමාගම මේක මිලට ගන්නවා.
මැඩගස්කරයේ ගොවීන් චිරාත් කාලයක් තිස්සේ වගා කළා රජයේ ඉඩම් වල.ලංකාවේ මහවැලි අධිකාරියෙන් ඉඩම් දුන්න වගේ රජයේ ඉඩම්දී ලා තිබුණා ගොවීන්ට. මැඩගස්කරයේ ප්‍රධාන ආදායමක් තමයි එලවලු අපනයනය, එළවළු වගා කරා ගොවීන්.

නීති වෙනස් කරල ගොවියට ඉඩම විකිණීමේ අයිතිය දුන්නා. එක කන්නයක ප්‍රශ්නයක් වෙලා වවන්න ඕන වෙද්දී වවන්න සල්ලි නැතුව ගොවියෝ ඉඩම් උගස් කළා. උගස් කළේ දකුණු කොරියානු ඩේව් සමාගමට සහ ඉන්දියාවේ වරුන් ඉන්දියා කියන සමාගමට හෙක්ටයාර ලක්ෂ ගණන් මිලියන ගණන් උගස් කළා මේ සමාගම් වලට. කන්න දෙකයි පාඩු වුණේ ඒ ඉඩම් ටික ඔක්කොම සින්න උනා මේ සමාගම් වලට. අද මැඩගස්කර ගොවියා තමන් වගා කරපු ඉඩම් වල සමාගමක කුලී කරුවෙක් ලෙස වගා කරමින් ඉන්නවා.

මෙන්න මේ තත්වයද දැන් මේ වෙන්න යන්නේ කියල අපි අහනව. අපි අහනවා ආණ්ඩුව ඇතුළේ පක්ෂ 11 කියලා කට්ටිය කෑ ගගහ හිටිය නේ, ඒගොල්ලො කෝ?. කැබිනට් මණ්ඩලයේ මේවා අනුමත වෙද්දි ඒගොල්ලො කොහෙද හිටියේ?.”