Ad

Ad 01

V2025

විනෝදාස්වාද

ආනන්ද - නාලන්ද 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි !

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද (03) පස්වරුවේ එක් විය.

දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය වෙනුවෙන් “සුලෝහිත සංග්‍රාමය” මහා ක්‍රිකට් තරඟය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එහි අවසන් දිනය අදයි.

සිසුන් දිරිමත් කරමින් තරගය නැරඹීමට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත විය.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චමිපික ද සිල්වා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හදවතේ ගායකයා සුවය ලබා ගෙදර යයි !

ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) සිය නිවස බලා පිටත්ව ගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවක් නිසා දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කළ තිබුණ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

ශ්‍රී ලංකාව කඩුලු 10කින් ඇෆ්ගනිස්තානය පරදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත්විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිව් දිනක් පුරා පැවැති ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

ඒ අනුව, මෙම ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා ලකුණු 56ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 07යි පන්දු 02ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය. එහිදී දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර නිශාන් මදුෂ්ක ද නොදැවී පන්දු 23 කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් ලබා ගත්තේය.

2024 වසරේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලෙස පසුගිය දා ආරම්භ වූ මෙම තරගාවලියේ දී පළමු තරගයෙන්ම මෙලෙස කඩුලු 10ක අද්විතීය ජයක් අත්පත් කරගන්නට ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි.

කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

Page 6 of 37