V2025

පුවත්

මනුෂගෙන් ආණ්ඩුවට අභියෝගයක් !

රසායනික පොහොර ගෙන්වීමට අවසර දිය යුතුද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම අතර රහස් ඡුන්දයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ආණ්ඩුවට අභියෝග කළේය.

රහස් ඡන්දයක් තිබුවහොත් රසායනික පොහොර ගෙන්වීමට තුනෙන් දෙකක කැමැත්තක් හිමිවන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

පොහොර ප‍්‍රශ්ණය නිසා ගොවියා අසරණ වෙලා. කන්න බොන්න බැරි තත්වයකට ඔවුන් ඇදගෙන වැටෙනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඵලදායිතාවය වැටෙනවා.

පොහොර අවශ්‍යද නැද්ද කියලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු අතරේ රහස් ඡුන්දයක් තියන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. පොහොර අවශ්‍ය යැයි කියලා තුනෙන් දෙකකින් දිනනවා.

පොහොර තහනම නිසා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් ගෙදර යන්න බැරිව ඉන්නේ. ගමට යන්න බැරිව ඉන්නේ. ඒ නිසා ආණ්්ඩුවට රහස් ඡුන්දයක් තියලා විමසන්න කියලා අපි කියනවා

සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ 21 සිට ඇරඹේ

සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පළමු අදියරේදී පාසල් 3,000 ක් විවෘත කරන බවයි.

පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වන දා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අද (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පැවසිය.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,142 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 40 ක් අද (05) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,142 ක් දක්වා ඉහළගොස් ඇත.

මියගිය පිරිස අතරින් 22 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන්  බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 04 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 36 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (05) වාර්තා කරන ලද මෙම මරණ 40 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මේ අතර අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 563 දෙනෙකු හඳුනාගෙන තිබේ.

968fca21 index

මැකුණු දත්ත හොයන කමිටුව හංගයි !

රජයේ නිල ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රයාත්මක වන කමිටුවේ සිටින්නේ කවු ද? මේ පිළිබඳව රටට විශ්වාසයක් ගොඩ නැගිය හැක්කේ, එහි සාමාජිකයන් ගැන දැන ගත හොත් පමණි.

ඒ පිළිබඳව අප ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් විමසීමක් කළේ ය.

කෙසේ‌ වෙතත් අමාත්‍යංශ ලේකම්වරය සඳහන් කරන්නේ, කමිටුවට ඉතාම සාධාරණව, බලපෑම්වලින් තොරව කටයුතු කරගෙන යාම අවශ්‍ය බැවින් කමිටු සාමාජිකයින් කවුරුන්ද යන්න පිළිබඳව හෙළි නොකරන බවයි.

එපික් ආයනය විසින් අදාළ කමිටුවේ අධීක්ෂණය මත දත්ත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු සිදු කරන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරත් සඳහන් කළේ ය.

”මේ වෙනකොට දත්ත මැකී යාම සම්බන්ධයෙන් අපිට ලබාදීල තියෙන පිටපත අපි NMRA එකට ගෙනල්ලා, ඩේටා රිකවර් කරන්න කටයුතු කරනවා. කමිටුවේ අධීකෂණය මත එපික් ආයතනයට තමයි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බලතල දීල තියෙන්නෙ, මොකද එපික් ආයතනය තමයි රිකවර් කරන්නේ. පහසුකම් ඕන වුණොත්, ICTA එකෙන්. අධීක්ෂණයට කොළඹ විශ්වවිද්‍යාලය හා කටුබැද්ද විශ්වවිද්‍යාලයෙනුත් කණ්ඩායමක් පත් කරලා තියෙනවා. NMRA සෞඛ්‍ය අමාත්‍යංශයේ එක්කෙනා බැගින් ඉන්නවා. කමිටුවට බලපෑමක් නැතිව ඉතාම සාධාරණව කටුයුතු කරගෙන යන්න ඒ පරිසරය හදලා තියෙන්නේ. එපික් ආයතනය කියන විදිහට මේ දත්ත ඉක්මනින් ප්‍රතිෂ්ඨාපනය කර ගන්න පුළුවන් වෙයි. අපේ කමිටුව පත් කරල තියෙන්නේ ඒ අයට ඉතාම සාධාරණව බලපෑම්වලින් තොරව සාධාරණව කරගෙන යන්න තමයි අපි කමිටුව හෙළිදරව් නොකරන්නේ”

( news 1st )

ජාතික ආරක්ෂාව ගැන විද්වත් සංඝ සභාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

දූරදර්ශිව හා අපක්ෂපාතීව කටයුතු කර රටේ ජාතික ආරක්ෂව තහවුරු කිරීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාව විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

ජාතික විද්වත් සංඝ සභාව වෙනුවෙන් එහි ලේකම් හැඩිගල්ලෙ විමලසාර හිමි ලිඛිතව පොලිස්පති වෙත මෙකී පැමිණිල්ල ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

පොලිස්පතිවරයාට සිදුකළ අදාළ පැමිණිල්ලේ මෙසේද සඳහන් වෙයි.

"මුතුරාජවෙල සහ කෙරවලපිටිය දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඒකී දේවස්ථානවලට ගොස් නාවික හමුදා සෙබළුන් කරුණු දැක්වීමේ සිදුවීමද බරපතල සැක සංකා ජනිත කරන්නකි. මේ සිදුවීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය වූයේ නාවික සෙබළුන්ගේ එම කරුණු දැක්වීම පදනම් විරහිත බවය. ඒසේම පසුගිය දිනක පොලීසිය භාර අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ එය වනාහී 'ආරක්ෂක අභ්‍යාසයක්' බවයි. ජනතාව මරණ බියට ඇද දමමින් කරන්නාවූ ආරක්ෂක අභ්‍යාස ගැන අපි නම් අසා නැත්තෙමු. මේ සිදුවීම් සහ බලධාරීන් ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාර වනාහී ඉතා අසාමාන්‍ය සහ පුදුමාකාර ඒවාය. ඒසේම පසුගිය දින කිහිපය තුළ ඇතැම් ආගමික සිද්ධස්ථාන වෙත ආරක්ෂක අංශ ගොස් අදාල සිද්ධස්ථානවලට ප්‍රහාර ඒල්ලවීමේ ඉඩ කඩක් ඇති බව ප්‍රකාශ කරඇත. මේ සිදුවීම පිළිබඳ අපට ඇත්තේ බලවත් කුතුහලයක් හා සැක සංකාවකි.

මෙබඳු වාතාවරණයක් තුළ රටේ ජාතික ආරක්ෂව පිළබඳව ප්‍රශ්න නගන සමාජ ක්‍රියාකාරිකයන් හා මහජන නියෝජිතයන් රහස් පොලීසියට කැඳවමින් ප්‍රශ්න කිරීම මගින් පෙනී යන්නේ කිසියම් බිය වැද්දීමකට හා අපහසුතාවකට ඔවුන් ලක්කීරී ම බව අපගේ හැඟීම්යි. ප්‍රශ්න කළයුත්තන්ගෙන් ප්‍රශ්න නොකර සිදුකරගෙන යන මෙම ක්‍රියාවලිය මගින් පෙනී යන්නේ මෙරට ජාතික ආරක්ෂාව මහත් අනතුරකට ලක්ව ඇති බවයි."

ජාතික විද්වත් සංඝ සභාව විසින් පොලිස්පති වෙත යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.

පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය කොළඹ 01.

පොලිස්පතිතුමනි,

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධවයි.

රාජ්‍යයක මුඛ්‍ය අරමුණ වන්නේ එහි වෙසෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීමය. ජාතික ආරක්ෂාවට මේසා විශාල වැදගත්කමක් පවතින බැවින් ඒය සැළකෙනුයේ සියලු දේශපාලන න්‍යාය පත්‍රවලට ඉහළින් තැබිය යුතු මහජන අභිලාෂයක් ලෙසය. එනමුදු අද වන විට රටේ ජාතික ආරක්ෂාව ඉතා බියකරු ලෙස බිඳවැටෙමින් පවතින බවක් බැලූ බැල්ම ට පෙනෙනන්ට ඇති බැවින් සිවිල් ආරක්ෂාවට අදාල වගකීම් සහගත තනතුරක් හොබවන ජනරජයේ පොලිස්පතිවරයා වන ඔබතුමා වෙත මේ සංදේශය ඉදිරිපත් කිරිමට අපි අදහස් කළෙමු.

2018 අප්‍රෙල් 21 වන පාස්කු ඉරුදින අප රට තුළ සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුත්තන් නිසි පරිදි හඳුනා ගැනීමටත් ඔවුන් නීතිය හමුවට පැමිණවීමටත් රටක් ලෙස අපි අසාර්ථක වී ඇත්තෙමු. මේ ත්‍රස්තවාදී ක්‍රියාව ආගමික අන්තවාදී ක්‍රියාවක් බවත් එයට සහභාගී වූ ත්‍රස්තවාදීන් එම අන්තවාදී කටයුතුවල දිගු කලක් තිස්සේ නියුතු වෙමින් සිටි බවත් තව දුරටත් රහසක් නොවේ. එසේම ප්‍රහාරය එල්ල වූ ආකාරය සහ ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුලු ත්‍රස්තවාදීන්ගේ අතීත සම්බන්ධතා ගැන විමසා බැලීමේදී සහ විමර්ශන කමිටු හමුවේ අනාවරණය වූ ඇතැම් කරුණු අනුව මෙකී ආගමික අන්තවාදය පසුපස අදෘෂ්‍යමාන හස්තයක්' තිබිය හැකි බවද අප සමාජයේ මේ වන විටත් තහවුරු වී ඇති මතයකි.

මෙබඳු පසු බිමක් තුළ පාස්කු ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාර තවදුරටත් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවත් ඒ් සඳහා තමන්ට සාක්ෂි සාධක තිබෙන බව ද ප්‍රකට මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළ පුද්ගලයන්ගෙන් ඔබතුමා යටතේ පවතින් පොලිස් දෙපාර්තමෙන්තුව හෝ රටේ ආරක්ෂක අංශ මෙතෙක් කරුණු විමසීමක් නොකිරීම අපට මහත් ගැටළුවකි.

ත්‍රස්තවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අප්‍රමාණව බැටකා ඇති අප රටට තවදුරටත් එබඳු ගැටුම් අවශ්‍ය නොවේ. එනමුත් බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය කිරීමට පදනම සැකසෙන අයුරින් මෑතදී ඇතැම් සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වන අයුරු අපි දුටුවෙමු.එනමුදු ඒබඳු වාතාවරණයක් වලක්වා ගැනීම සඳහා වගකිව යුතු බලධාරීන් ක්‍රියා කරන බවක් ද නොපෙනේ.

මෙබඳු පසු බිමක් තුළ නාරාහේන්පිට 'ලංකා හොස්පිට්ල්' රෝහල් පරිශ්‍රයේ සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ කුඩා අත්බෝම්බ හමුවීමේ සිදුවීම් පිටුපස ද සිටිනා වගකිව යුත්තන් කවුරුන්දැයි තවමත් සමාජයට අනවරණය වී නොමැත.

එසේම මුතුරාජවෙල සහ කෙරවලපිටිය දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඒකී දේවස්ථානවලට ගොස් නාවික හමුදා සෙබළුන් කරුණු දැක්වීමේ සිදුවීමද බරපතල සැක සංකා ජනිත කරන්නකි. මේ සිදුවීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය වූයේ නාවික සෙබළුන්ගේ එම කරුණු දැක්වීම පදනම් විරහිත බවය. ඒසේම පසුගිය දිනක පොලීසිය භාර අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ එය වනාහී 'ආරක්ෂක අභ්‍යාසයක්' බවයි. ජනතාව මරණ බියට ඇද දමමින් කරන්නාවූ ආරක්ෂක අභ්‍යාස ගැන අපි නම් අසා නැත්තෙමු. මේ සිදුවීම් සහ බලධාරීන් ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාර වනාහී ඉතා අසාමාන්‍ය සහ පුදුමාකාර ඒවාය. ඒසේම පසුගිය දින කිහිපය තුළ ඇතැම් ආගමික සිද්ධස්ථාන වෙත ආරක්ෂක අංශ ගොස් අදාල සිද්ධස්ථානවලට ප්‍රහාර ඒල්ලවීමේ ඉඩ කඩක් ඇති බව ප්‍රකාශ කරඇත. මේ සිදුවීම පිළිබඳ අපට ඇත්තේ බලවත් කුතුහලයක් හා සැක සංකාවකි. මෙබඳු වාතාවරණයක් තුළ රටේ ජාතික ආරක්ෂව පිළබඳව ප්‍රශ්න නගන සමාජ ක්‍රියාකාරිකයන් හා මහජන නියෝජිතයන් රහස් පොලීසියට කැඳවමින් ප්‍රශ්න කිරීම මගින් පෙනී යන්නේ කිසියම් බිය වැද්දීමකට හා අපහසුතාවකට ඔවුන් ලක්කීරී ම බව අපගේ හැඟීම්යි. ප්‍රශ්න කළයුත්තන්ගෙන් ප්‍රශ්න නොකර සිදුකරගෙන යන මෙම ක්‍රියාවලිය මගින් පෙනී යන්නේ මෙරට ජාතික ආරක්ෂාව මහත් අනතුරකට ලක්ව ඇති බවයි. රටේ සිවිල් ආරක්ෂාව සහ නීතිය හා සාමය සුරැකීමට වගකීමකින් බැඳී සිටින පොලිස්පතිවරයා වන ඔබ මේ මොහොතේ දූරදර්ශිව හා අපක්ෂපාතීව කටයුතු කර රටේ ජාතික ආරක්ෂව තහවුරු කිරීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි මෙයට

දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි

ලේකම්.

නෙළුම් කුළුණේ මේ විස්තරෙ දන්නවද ?

ඉදිකිරීම් අවසන් කර වසර 3කට ආසන්න කාලයක් ගතවී තිබියදී මේ දක්වා කිසිදු ප්‍රයෝජනයක් නොගත් නෙළුම් කුළුණ සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් කැබිනට් සංදේශයකින් අනාවරණය වී ඇත.

තාක්ෂණ ඇමතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන කැබිනට් සංදේශයක මෙම කරුණු අඩංගු වේ. නෙළුම් කුළුණ ඉදි කිරීම සඳහා ලබා ගෙන තිබෙන ඉඩම වෙනුවෙන් රුපියල් කෝටි 1,161ක බදු කුලියක් වශයෙන් ගෙවීමට තිබේ. මෙම මුදල රුපියල් මිලියන 300ක වාර්ෂික ගෙවීමක් හැටියට ගෙවිය යුතු අතර මෙම බදු කුලිය සම්පූර්ණ වශයෙන් රුපියල් කෝටි 150ක් බව දැක්වේ. මෙම බදු කුලිය ගෙවීමෙන් පසුව අදාල බදු අනුපාතයන් වෙනස් වේ.

එසේම මෙම බදු ගිවිසුම් ඇතුළු නීතිමය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3ක් වැය කර ඇත. බදු ගාස්තු රුපියල් 24,000ක් වශයෙන් දැක්වේ. මුද්දර ගාස්තු ලෙස 89,999,000 නාගරික සංවර්ධන අධිකාරිය විසින් විදුලි සංදේශන කොමිෂන් සභාවට ගෙවීමට ඇත.

මීට අමතරව, හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමෙන් පසුව අතරමග නවතා දමා ඇති බව ද, අදාළ කැබිනට් පත්‍රිකාවෙන් හෙළිවේ. මෙම කැබිනට් පත්‍රිකාව නම්කර තිබෙන්නේ “නෙළුම් කුළුණ ව්‍යාපෘති සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL) වෙත ඉඩම් අත්පත්කර ගැනීම” යනුවෙනි. එම කැබිනට් පත්‍රිකාවෙන් නෙළුම් කුළුණ සහ ඒ ආශ්‍රිතව පවතින මූල්‍යමය ගණුදෙනු රැසක් පිළිබඳව කරුණු ඇතුළත් කර තිබේ.

(Lanka truth )

නිරූපමාට උත්තර නැතිවුණ ප්‍රශ්න මෙන්න !

ලෝකයේ ධනය සඟවන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් සිදු කර ඇති සිදු කර ඇති විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ජාලය (ICIJ) විසින් මෙරට හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් කර තිබිණි.

අදාල හෙලිදරවු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසුවත් ඒ සදහා ප‍්‍රතිචාර නොදැක්වූ බවද ඔවුන් සදහන් කරයි.

එම සංවිධානය විසින් හිටපු ඇමතිනියට යොමු කර ඇති ප්‍රශ්න වල සිංහල පරිවර්ථනය මෙසේය.

1) අපි දැක ඇති ලියකියවිලි වලින් පෙන්නුම් කෙරෙන්නේ 1990 ගණන් වල මුල් භාගයේ සිට 2010 ගණන් වල මුල් භාගය දක්වා (ලංකාවේ ගැටුම් පැවති සමයේ) ඔබ රොසෙට් සමාගමේ “පාලන පක්ෂය” වූ අතර මෙම සමාගම උපදේශක ගාස්තු ලබා ගැනීම , සිඩ්නි සහ ලන්ඩන්හි දේපළ මිලදී ගැනීමට භාවිතා කරන ලදී. මේක හරිද? රොසෙට් හි ඔබේ භූමිකාව කුමක්ද?

2) ඔබ රටේ නීතියට අනුව ඔබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වලෙස පත් වූ විට රොසෙට්ටි හි ඔබේ අයිතිය ඔබ ප්‍රකාශ කළාද? ඔබ දේපල වල ඔබේ අයිතිය ප්‍රකාශ කළාද?

3) ඔබේ සමාගම කොන්ත්‍රාත්කරුවෙකු ලෙස බඳවා ගත් රජයේ ආයතනවලට රොසෙට්ටිගේ අයිතිය ඔබ හෙළි කළාද? එසේ නොකළේ නම් ඇයි?

4) අපි දුටු ලේඛන වලින් පෙන්නුම් කරන්නේ ඔබ ඩොලර් මිලියන 51 ක කලා එකතුවක් ඇති “පැසිෆික් භාරයේ” ප්‍රතිලාභියෙකු බවයි. මෙය නිවැරදිද? එසේ නම්, ඔබ රටේ නීතියට අනුව එසේ කිරීමට අවශ්‍ය නම් ඔබ බදු බලධාරීන්ට මෙය අනාවරණය කළාද?

5) ඔබේ සැමියා වන නඩේසන් විසින් පිහිටුවන ලද සමාගම් සහ භාරයන්, එනම් Sරි ණිති ඨෘස්ට්, ඵcඉෆිc ඨෘස්ට්, ඵcඉෆිc cඔම්මොඩිටීස්, ඵල්ලෙනෙ, ඡලන් Oඉල් අන්ඩ් ර්‍එඩ් ර්‍උත් ඓන්වෙස්ට්මෙන්ට්ස් තුළ ඔබේ භූමිකාව කුමක්ද?

6) 2014 සම්මුඛ සාකච්ඡාවකදී ඔබ පැවසුවේ “කාන්තාවන් වශයෙන් අපට පිරිමින්ට වඩා හොඳ ගුණාංග තිබෙන බවත් වඩාත් අවංක බවත් අල්ලස හා දූෂණයට ගොදුරු වීමේ අවදානම අඩු බවත්” ය. කරුණාකර ඔබට ඒ ගැන විස්තර කළ හැකිද?

(Lanka lead )

සුදුළූණු වංචාව බන්දුල පිළිගනියි !

සුදුළූණු වංචාවක් සතොස ආයතනයේ සිදු වූ බව අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එම ආයතනයේ වංචාවක් සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව එය නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ සඳහන් කර සිටියේ විපක්ෂ නායක මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

සුදුළූණු වංචාව සම්බන්ධ ගනුදෙනුවේදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව මිල ගණන් අයථා ලෙස ලබාගෙන ඇති බව මෙන්ම ඊට අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

අදාළ මිලදී ගැනීම් පවා සිදුවී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මේ මස 08වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ බදියුදීන්ට එරෙහි පැමිණිල්ල අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකාර රිෂාඩ් බදියුදීන මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.

ගුරුවරුන්ගෙන් රට පුරා කළුකොඩි : ජනාධිපති සුබ පතයි !

අද (05) ට යෙදී තිබෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවිඩයක් නිකුත්කර ඇත.

එය මෙසේය.

“ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”

ගුරුවරුන් කළුකොඩි දායි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුවත්, මේ මොහොතේ පොදුජන පෙරමුණේ ගුරු වෘත්තීය සමිතිය හැර අනෙක් සියලු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වර්ජනයක් දියත් කර ඇත.

ඒ වසර 24 ක් පැරණි ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සඳහා ය.

අදාළ ගැටළුව විසඳන බව වත්මන් පාලනයේ මැතිවරණය පොරොන්දුවක් ද වෙයි. එසේම වැටුප් විෂමතා ඉවත්කරන ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන සුබෝධිනී කමිටු වාර්තාවත් ආණ්ඩුව ඉදිරිපත් කරනු ලැබුවකි.

මාස කිහිපයක් වන මේ ගුරු විදුහල්පති වෘත්තීය අරගලය කුමන්ත්‍රණයක් , කඩාකප්පල් වැඩක්, කාලකන්නි, ෂයිලොක්, නිකං ඉඳලා පඩි ගන්න පිරිසක් ආදී විවිධ ලේබල් ගැසීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය සමයේ කටයුතු කරනුද දකින්නට ලැබිණ.

එසේම ගුරු විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක් හේතුවෙන් පිරිසක් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම , අධිකරණයට ඉදිරිපත් කිරීම් ද සිදුවිය.

කෙසේ වුවත් ආණ්ඩුව දැනට ආණ්ඩුව කියන්නේ රුපියල් 5000ක දීමනාවක් දැනට ගෙවන්න සූදානම් බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියන්නේ තමන්ගේ ඉල්ලීම දීමනාවක් නොවන බවයි. එබැවින් ඉල්ලීම ඉටුවන තුරු වෘත්තීය අරගලය ඉදිරියට ගෙනියන බවත් ඔවුන් පවසයි.

එහිදී ලෝක ගුරු දිනය නිමිත්තෙන් අද අධ්‍යාපන කළාප මට්ටමින් උද්ඝෝෂණ විරෝධතා දියත්කරන බවත් හෙට රට පුරා කලුකොඩි දමන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්වූ අතර පාහියන්ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ශිරාන් දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙනි.

පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල)  ශිරාන් දැරණියගල මහතාගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.

ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන ලැබූ ශිරාන් දැරණියගල මහතා වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්න්‍ධයෙන් කේම්බි්‍රජ් විශ්ව=විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව සම්බන්‍ධයෙන් ගෞරව පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇත.

1968 දී කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්විය. බුලත්සිංහල පාහියන්ලෙන ආශ්‍රිව පුරාවිද්‍යා කැණීම් 1968 දී මුල්වරට ආරම්භ වන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙනි. ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයන් පාහියන්ගලින් සොයාගන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසිනි.

අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රීතව පුරාවිද්‍යා කැණීම් 1969 දී මුලින් ම ආරම්භ කරන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදෙස් අනුවය.

වසර එක් ලක්‍ෂ තිස් දහසකට පෙර ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ‘ඉරණමඩු පාංශු සංගතිය’ සම්බන්‍ධයෙන් ශිරාන් දැරණියගල මහතා කළ ගවේෂණය ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්වවිද්‍යාලය මගින් 1988දී ආචාර්ය උපාධියක් පිරිනැමීය. 1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතායි. 

ශ්‍රීලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල මහතාටය.

ශ්‍රීලංකාවේ පැරණිම මානවයා විසු බවට පුරා විද්‍යා සාධක සොයාගත් කුරුවිට ඓතිහාසික බටදොඹ ලෙනට කිලෝමීටර් දෙකක පමණ දුරකින් ආදාර්ය ශිරාන් දැරණියගල මහතා ජීවත්ව ඓතිහාසික එක්නැළිගොඩ වලව්ව පිහිටා ඇත.

 

ජාතික ධජය එක අතක - කළු කොඩිය අනෙක් අතේ : සිංහල ඩයස්පෝරාව ජිනීවාවේ !

ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල ඉතාලියෙන් ප්‍රංශයට , ප්‍රංශයෙන් ඇමරිකාවට පැමිණ පසුගියදා ජිනීවා වෙත සේන්දු විය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය හමුවට ගෙන ඒම, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම , දේශපාලන විරුද්ධවාදීන් ඉලක්කකර දියත්කර ඇති මර්දනය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන පිළිවෙතට විරෝධය දැක්වීම මෙහිදීද සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට නොහැකිව මර්දනයට මුහුණදී සිටින සහෝදර ජනතාව වෙනුවෙන් ඉතාලියේ වෙසෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන් ප්‍රමුඛව සමස්ථ යුරෝපයේම ජනතාව එක්ව සිටින බවේ පණිවිඩය මේ හරහා නිකුත්වීම විශේෂය.

එසේම ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය,ඔස්ට්‍රියා හා ජර්මනිය ඇතුලු යුරෝපා රටවල් රැසකින් දැඩි අහිතකර කාළගුණික තත්ත්වය පවා නොතකා මෙකී විරෝධතා උද්ඝෝෂණය සඳහා සහභාගි වීමත් සුවිශේෂී සිදුවීමකි.

සිවිල් ක්‍රියාකාරීන්, නීතිවේදීන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයන් මීට එක්ව සිටි අතර ඒ තුළ සිංහල දෙමළ මුස්ලීම් සියලු ජනකොටස් නියෝජනය විය.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ , සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන්ගෙ යුරෝපා හඬ බවට විවාදයක් නැත.

ඒ බව තහවුරු කෙරුනේ සිංහල, දමිල, මුස්ලිම් සියලු අගම් නියෝජනය කරමින් , ආගමික නායකයින් පවා මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා එක්වීම නිසයි.

මවුලවි වරුන්, බෞද්ධ භිභික්ෂුන්, කතොලික පූජක තුමන්ලා රැසක්ද රැස්ව සිටි පිරිස් වෙත අධිෂ්ඨානයෙන් එකමුතුව පාස්කු ප්‍රගාරයේ සත්‍ය සොයා යන ගමනට ආශිර්වාද කරද්දී, පැමිණ සිටි පිරිස් එක් හඬින් කියා සිටියේ තව දුරටත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්නේ නම් ජිනීවා වලින් නොනැවතී "හේට් යුධ අධිකරණය" දක්වා වුවත් මේ අවනඩුව ගෙනියන බවයි.

එසේම පක්ෂ පාට භේදයකින් තොරව අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරණ බවත් පැවසිණ.

ඉතාලියේ වෙසෙන වත්මන් ආණ්ඩුවේ හෙංචයියන් කීප දෙනෙක් සිටින " අටේ කල්ලිය සහ කුප්‍රකට කෝට් කල්ලිය" මෙවරත් උද්ඝෝෂණය සඳහා පිරිස සහභාගිවීම වැළැක්වීමට විවිධ කඩාකප්පල් ක්‍රියා දියත් කරත් ඒවා විශ්වාස කරන උදවිය ඉතාලියේ හිඟවෙමින් ඇත.

ජනතාව වෙත පාලකයන් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ඉටුකිරීමට බලකිරීම දේශද්‍රෝහි ක්‍රියාවක් නොව, සැබෑ පුරවැසි වගකීම බව මිනිසුන් විශ්වාස කරන්න ගෙන ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ජිනීවා යාම තවදුරටත් කොටින්ට කඩේයාමක් ලෙස මිනිසුන් සලකන්නේ නැත.

දැන් එය සිය සහෝදර ජනතාවගේ අයිතිවාසිකම් රැකදීමට , ඒ වෙනුවෙන් ලෝකයේ අවධානය යොමුකිරීමට සහ ඒ හරහා ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලිය පාලනය කරවීමට කරන ශිෂ්ට සම්පන්න මැදිහත්වීමක් බව මිනිසුන් පිළිගනිමින් ඇත.

එනිසා , මැති ඇමතිලා ගේ හයියෙන් යුරෝපයේ පුරසාරම් දොඩවන, අගමැති ඉන්න හෝටලය වටේ කැරකෙමින් තේ සාදයක් ඉල්ලගෙන , හරි සර්, බුදු සර් ගාන, පම්පෝරිකාරයන්ව මිනිසුන් පිළිකුලෙන් බැහැර කරන්න ගෙන ඇත.

මේ හරහා කියාපාන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිම ස්ථාවර කිරීමට , වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීමට ඇතුළු ආණ්ඩුවේ මර්දනීය ප්‍රතිපත්තියට එරෙහි ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ විරෝධතා උද්ඝෝෂණ රැල්ල ඉදිරියට තවත් සාර්ථකව නැගෙන්නට නියමිත බවය.

සුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,

ඉතාලිය.

 

සමාජ මාධ්‍ය පද්ධති බිඳ වැටේ

ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.

මෙරට වේලාවෙන් පස්වරු 9 .15 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන downdetector.com උපුටා දක්වමින් අදාළ සමාජ මාධ්‍ය හා සන්නිවේදන මාධ්‍යවල බිඳ වැටීමක් තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

මව් අයතනය වන ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ හැකි ඉක්මනින් නැවත යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,102 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 43 ක් අද (04) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,102 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 19 දෙනා කාන්තාවන් ය.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 12 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 31 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (04) වාර්තා කරන ලද මෙම මරණ 43 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

c9de313a index

ත්‍රිකුණාමලය තෙල් ටැංකි : තවම දීලා නෑ - සාකච්ඡා විතරයි - GL

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග තවමත් සිදුවන්නේ සාකච්ඡාවක් බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරන අතර මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

කෙසේ වුවද රජයක් ලෙස අත්තනෝමතිකව කටයුතු කිරීමට අදහසක් නැති බව ද ඔහු පැවසීය.

වැඩේ දෙන්න යන්නේ - වෘත්තීය සමිති චෝදනා !

මේ අතර දෙරණ මාධ්‍ය සමග අදහස් දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරන්නේ, ඉන්දීය සමාගමක් වෙත මෙම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමක් මගින් ලබාදීමට සූදානම් වන බවත් තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමේ සැලැස්ම අතරතුර දැනට මෙරට ඉන්දීය තෙල් සමාගම සතු බෙදාහරින ජාලයද දීර්ඝ කාලීනව ඔවුන් වෙත පවරා දීමේ සූදානමක් ඇති බවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99 ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වෙයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

2003 දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය.

එම ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරුණි.

එවක පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15 ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

2017 වර්ෂයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතියද හිමි වී තිබුණි.

එහි සඳහන්ව තිබුණේ IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමට ය.

කෙසේවෙතත් බනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිපයක් විරෝධය දැක්වීමත් සමග එම ගිවිසුම අත්සන් තැබීමට නොහැකි විය.

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතු බවත් එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බව වෘත්තිය සමිති සඳහන් කරයි.

අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වූ, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ, “මේක වෙන්නේ අවිදිමත් ගිවිසුමකට. සමාජගත කරන වැරදි දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. සමාජයට තෙල් ටැංකි ගැන නිවරැදි තොරතුරක් දෙන්න ඕනේ.”

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා, “බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ වගේ ඒගොල්ලො ටැංකි 16ක වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කිහිපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමග ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ.”

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා, “ඉන්දීය ලේකම්වරයා දැන් 87 සහ 91 කියන ටැංකි නිරීක්ෂණ කරන්න ගිහින් තියෙනවා. එයා එනකොට අපේ ඇමතිවරුත් එහෙ ගිහිල්ලා.”

රාජපක්ෂ නම සමග රට යළිත් ජාත්‍යන්තරයට !

ජනාධිපති , අගමැති මෙන්ම මුදල් ඇමති ගේද ඥාතියකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ මහා ධන සම්භාරයක් සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් අනාවරණයවී තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) යනුවෙන් හැඳින්වෙන එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න ලියවිලි ගොන්නක් සහිත මේ දත්ත සමුදාය ලබාගෙන ඇත්තේ වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නම් ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (International Consortium of Investigative Journalists) විසින්ය.

ඒ තුළ රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝක බලවතුන් හා ධනකුවේරයන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු ඇතුලත් ලිපිගොනු කන්දරාවක් විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් අනාවරණය කරගත් තොරතුරු ඇතුලත් බව සඳහන් ය.

එහිදී , නිරුපමා රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික නඩේසන් විසින් කඩදාසියේ පමණක් සීමාවූ සමාගමක නමින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී මහල් නිවාස , ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් අනාවරණය කර ඇත.

එහිදී ICIJ මෙසේ සඳහන් කර ඇත.

“නීතියෙන් සැඟවුණු රටවල වෙනත් ව්‍යාජ සමාගම් සහ භාරයන් පිහිටුවාගත් නඩේසන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග ව්‍යාපාර කරන සමාගම් වලින් වාසිදායක උපදේශක කොන්ත්‍රාත් ලබාගැනීමටත්, කලා නිර්මාණ මිලදී ගැනීමටත් එම සමාගම් යොදා ගත්තේය,”

“ඉන් එක සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් (Pacific Commodities) විසින් දේපල සඳහා අයබදු හෝ තීරුබදු ගෙවන්නට සිදු නොවන අධි ආරක්ෂක ජිනීවා ෆ්‍රීපෝර්ට් (Geneva Freeport) ගුදමට චිත්‍ර 31 ක් ඇතුළු තවත් දකුණු ආසියානු කලා නිර්මාණ යවා තිබේ.”

තිරුකුමාර් නඩේසන් ගේ දීර්ඝකාලීන ගණකාධිකාරී ආයතනය වන සිංගප්පුරුවේ පිහිටි ඒෂියාසිටි ට්‍රස්ට් (Asiaciti Trust) සමාගමේ රහස්‍ය ඊමේල් අනුව 2011 වනවිට ඔහුගේ සමස්ත ධන සම්භාරයේ වටිනාකම ඩොලර් මිලියන 160කට වැඩි වෙතැයි ගණන් බලා තිබුනත්, ඒ බව ස්වාධීනව තහවුරු කරන්නට ගවේෂක මාධ්‍යවේදී සමූහය සමත් වී නැත.

නඩේසන්ගේ අක්වෙරළ සමාගම් සහ අරමුදල්වලින් ඒෂියාසිටි විසින් කළමනාකරණය කරන ලද සම්පත් ප්‍රමාණය ඩොලර් එක්කෝටි අසුලක්ෂයක් පමණ වෙතැයි ICIJ ගණන් බලා තිබේ.

ගවේෂණයෙන් හෙළිවූ කරුණු පිළිබඳව නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) ප්‍රකාශ කරයි.

image

image 1

මරණ අඩුවෙලා : නමුත් ගුවන් තොටුපළ තුළ PCR නොකිරීම නිසා මහා අවධානමක් !

තවත් කොරෝනා මරණ 40ක් ඊයේ (02) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (03) නිකුත්කර ඇත.

ඊට අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13059 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 22 ක් පිරිමි වන අතර ඉතිරි 18 , කාන්තාවන් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවකද වෙයි.

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 28 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

කොරෝනා මරණ අඩුවුනත් : ගුවන් තොටුපළ PCR නොකිරීම නිසා අවධානමක් !

මේ අතර වෛද්‍ය විශේෂඥයන් මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවීම යහපත් තත්ත්වයක් බවයි.

එසේම ආසාදිතයින් ප්‍රමාණවත් ලෙස අඩුකරන සෑම ක්‍රියාමාර්ගයක්ම අඛණ්ඩව ගතයුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

ඔක්තෝබර් 01 වනදා සිට බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකම සහ වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

නමුත් ඔවුන් පවසන්නේ විදෙස් සිට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ PCR පරීක්ෂණ ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිදුනොකිරීමට ගෙන ඇති තීන්දුව නිසා දැඩි අවධානමක් බවයි.

විද්‍යාත්මක පදනමක් නැති තීන්දුවක් !

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසන්නේ පූර්ණ එන්නත්කරනය වූ ගුවන් මගීන් රට තුලට පැමිනෙන විට කල යුතු PCR පරීක්ෂන නවතා දැමීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ගනුලැබූ තීන්දුවක් බවයි.

ලංකාව දූපත් රාජ්‍යයක්. අපේ රටට පැමිනෙන සියළු දෙනා ගුවන්තොටුපොල හරහා පැමිනිය යුතුයි.

රටට මහත් ව්‍යසනයක් ගෙන දුන් කොරෝනා වයිරසය සම්පූර්නයෙන් රටට ඇතුළුවන්නේ ගුවන් මගීන්ගෙන්. එසේම එන්නත්කරණය යනු කොරෝනා මැඩීමක්, නැත්නම් මර්දනය කිරීමක් නොවෙයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකුට වුවත් වෛරසය ආසාදනය වීමට පුළුවන්. එන්නත් නිසා වෙන්නේ මරණ අවධානම අඩුවීමක් පමණයි. ඒ නිසා පැය 72 පෙර කොරෝනා ආසාදිතයෙකු නොවූවත් ඔහු වෛරසය පතුරවන්නකු විය හැකියි.

එනිසා දෙස් විදෙස් සංචාරකයන් සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආශ්‍රිතව PCR පරීක්ෂණය සිදුකිරීම සහ ඔවුන් සමාජයට එක්වීමට පෙර හඳුනා වෙන්කර ගැනීම වැදගත්.

එසේ නොවුණුහොත් ගුවන් තොටුපළ PCR පරීක්ෂණ නොකිරීම හේතුවෙන් තවත් විදෙස් කොරෝනා ප්‍රභේදයක් මෙරටට පැමිණීමට ඉඩවැඩියි.

එසේම මේ වන විට ගුවන් තොටුපළ පරිශ්‍රයේ නව PCR පරීක්ෂණ ඒකකයක් පිහිටුවා තිබෙනවා. දැන් ප්‍රශ්නය තමයි හැකියාව තියෙන පසුබිමක අනවශ්‍ය අවධානමක් ගන්නේ ඇයි කියන එක.

මේ ගැන ජනාධිපති පවා සොයා බැලීමක් කරන්න වෙන තත්ත්වයක් තියෙන්නේ.

c9d52cf5 index

ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණයට යයි

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා අද (03) දහවල්  ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇත.

ඒ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහායි.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇත.

මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද අද සිදුවිය.

ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයට පැමිණීමට පෙර මහනුවර ප්‍රදේශයේද සංචාරයක නිරත විය.

Page 400 of 444