පුවත්
තීන්දුව ජනතාව අතේ - හිටපු අගමැති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැ බවත් දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් ඔහු පවසයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දීය.
යහපාලන ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය නමුත් එකල කිසිදු ජනතා සහනයක් කප්පාදු කරන්නැයි කොන්දේසි නොපැමිණි බව සඳහන් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන අතර සෙසු සහන ද ලබාදීමට හැකියාව ලැබුණේ යහපාලන රජය ජාත්‍යන්තර සහාය ද ලබාගෙන හරි දැක්මක් ඇතිව කටයුතු කිරීම නිසා බවත් අවධාරණය කළේය.
ප්‍රතිකේෂ්ප කළ චීන පොහොර තෙවැනි පාර්ශ්වයකින් පරීක්ෂා කරන්න එකඟවෙලා !
චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කළේ දැයි, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ, අපේ රටේ විද්‍යාගාරවල සිදු කර ඇති පර්යේෂණ පිළිගත නොකැහි බව අදාළ චීන සමාගම දන්වා සිටි බවයි.
”අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා අපි කෙලින්ම කිව්වා. ඒක මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේනන්ත් බෑ කියලා, ඔවුන් ඉල්ලීමක් කළා ලොව පිළිත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකෙ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා”
ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම නැව මුහුදේ නැංගුරම් ලා ඇති බවට වාර්තා වන කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
”මම තාම මුහුදේ ගියේ නෑ… දැක්කෙ නෑ.. මං දැක්කෙ නෑ..”
මේ අතර කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ද අද (26) උදෑසන පැවසූවේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කළේ ය.
එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000 ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට සමීප වී තිබේ.
(News 1st )
කාබනික වගා වැඩේ දොස් දැක්ක මහාචාර්ය ගෙදර යවයි !
රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.
ඒ අනුව අද (26) මෙම ඉවත් කිරීම සිදුකරනු ඇත.
මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු බවද හෙතෙම සඳහන් කළේය.
මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ට කරුණු පෙන්වා දීමෙන් අනතුරුව ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත.
අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවත් සභාපතිවරයකු ඉල්ලා අස්වෙයි !
ජනාධිපති පත්කළ තවත් සභාපතිවරයකු ඉල්ලා අස්වීම ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ය.
වත්මන් ආණ්ඩුව පත්විමෙන් පසුව ඉහළ තනතුරුවලට පත්කළ නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ආසන්න දිනවලදී විවිධ හේතු මත එම ධුරවලින් ඉල්ලා අස්වි තිබේ.
පළමු අවස්ථාවේ මහාචාර්ය මුදිත විදානපතිරණ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්‍රසාදයෙන් අදහස් පළකරන්නට විය.
වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා ට අවශ්‍ය අඅයෙකු පත්කිරීම සඳහා ඇතිවූ ප්‍රශ්නයක් මත මෙකී ඉල්ලා අස්වීම සිදුව ඇත.
පෙනෙන්නට ඇති ආකාරයට සිස්ටම් වෙනස් කිරීමට පැමිණි ජනාධිපති හට සිස්ටම් එක අනූව වෙනස් වීමට ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරයි.
සහල් මෝල් හිමියන් යළිත් මිල ඉහළ දායි !
ආණ්ඩුව සහල් පාලන මිල අත්හැර දැමීමත් සමග සහල් මෝල් හිමියන් විසින් නැවත වතාවක් සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
පිටකොටුව සහල් තොග වෙළඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ , සංශෝධිත මිළ ගණන් අනුව , නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා කිලෝවක් 10කින්, කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ඉහළ දමා ඇති බවයි.
කෙසේවෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදු කර නැත.
ඒ අනුව සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව මිල නැංවීම අනුව සහල් කිලෝවක නව මිල සඳහන් වන්නේ මෙසේය.
නාඩු – රුපියල් 130
සම්බා – රුපියල් 150
කීරි සම්බා – රුපියල් 195
ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ : රට පුරා විරෝධතා
ගුරු - විදුහල්පති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව අවට රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.
මේ අතර, ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකද පැවැත්විණි.
ඔන්ලයින් ඉගැන්වීම අත්හිටුවමින් ඇරඹි මෙම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්රියාමර්ගට මේ වන විට දින 103කට වැඩි කාලයක් තිබුණද ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට රජය තවදුරටත් අපොහොසත්ව සිටියි.
අදියර තුනකින් වැටුප ලබා දීමට රජය එකඟ වුවද ගුරු විදුහල්පතිවරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තවදුරටත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග ක්‍රියාත්මක වෙමින් තිබේ.
අද දින සිට සියලුම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි විවෘත කෙරුණු අතර පාසල් කාලය තුළ ඉගැන්වීමේ කටයුතු පමණක් සිදුකරමින් රජය විසින් පවරන රාජකාරී සියල්ල අත්හිටුවමින් ගුරු විදුහල්පතිවරු සිය වෘත්තීය ක්‍රියාමර්ග අලුත් කරමින් පසුවෙයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස කීපයක් වසා දැමු තිබු පාසල් හි ප්‍රාථමික අංශයවල අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ හිඟ වැටුප සමස්තයක් ලෙස ලබාදෙන තුරු සටන අතනොහරින බවයි.
කොරෝනා මරණ සංඛ්‍යාව 13,640 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 29 ක් අද (25) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,640ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 17 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 12 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මියගිය අය අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 6දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 22 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (25) වාර්තා කරන ලද මෙම මරණ 29 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
බුද්ධි අංශ ප්‍රධානියාගෙන් CID යට පැමිණිල්ලක් !
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනාවන්ට විරෝධය පළ කරමිනි.
සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම සියලු චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.
තමා කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ පවසයි.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
(News 1st )
මාසේ පඩිය අපිට දියව් : සේවකයින් රූපවාහිනී සභාපතිගේ කාර්යාලය වටේ !
මාසික වැටුප් ගෙවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් අද (25) රූපවාහිනී සංස්ථාව පරිශ්‍ර අභ්‍යන්තරයේ සේවක විරෝධතාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ගේ කාර්යාලය ඉදිරිපිටට රැස්වූ පිරිස් මෙසේ මාසික වැටුප ඉල්ලා උද්ඝෝෂණය කර ඇත.
කෙසේ වුවත් සභාපති රෙජිනෝල්ඩ් කුරේ සේවක ඉල්ලීම සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදුකර නොමැති අතර මෙම කාරණයේදී තමන්ට සිදුකළ හැකි කිසිවක් නොමැති බව පමණක් පවසා ඇත.
මේ අතර සේවක පිරිස් චෝදනා කරන්නේ, ආයතනය මේ වන විට දැනුවත්ව කඩාවැටෙන්නට ඉඩදී ඇති තත්ත්වයක් මතුව ඇති බවයි.
ආයතනයේ ආදායම් ඉපයීමට අත්‍යාවශ්‍ය අලෙවි කළමනාකරු ධූරය පුරප්පාඩුවී ඇති අතර මෙතෙක් ආයතනයට ආදායම් ලැබුණු මූලාශ්‍ර දැනුවත්ව සංස්ථාවෙන් ඉවත්කර ඇති බවත් ඔවුන් පවසයි.
තවද හෙට (26) දිනයේදී මාසික වැටුප ගෙවීම නිසිලෙස සිදුනොවුණහොත් වැඩිදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සේවක පිරිස සූදානම් වන බවත් වාර්තා වෙයි.
අපි අනාථයි : ආණ්ඩුවේ සෙසු පක්ෂ 11න් රැළියක් !
ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප්‍රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ 11 තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් දැනගන්නට ඇත.
ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.
එමෙන්ම මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද තීරණය වී ඇති බවත් වාර්තා වෙයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එම අවස්ථාව ලබාදී තිබුණේ නැත.
ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඒකමතිකව පක්ෂ සියල්ල තීන්දු කළ බවයි.
ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු සමඟ බලෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැතැයිද නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.
ගිවිසුම අත්සන් කර අවසන් වූවද සියල්ල අවසන් වන්නේ දේශපාලන බලය මත බවද ඔහු තවදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ , ආණ්ඩුවේ සෙසු පක්ෂ තුට්ටුවකට මායිම් නොවන තත්ත්වයක් මතුව ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන මීට වඩා සාක්ෂියක් අනවශ්‍ය බවයි.
මේ වන විට ආණ්ඩුවේ මේ සෙසු පක්ෂ සිය ජාතිකවාදී ප්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුවේ වරදාන ලබමින් එතුල විසීම කළමනාකරණය කරගන්නට දුෂ්කරතාවකට මුහුණදී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් "අපි කියන දේ අහන්නේ නෑ .. අපි අසරණයි" රැලියක් සංවිධානය කර ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.
වැඩේ අමාරුවට පුටු මාරුවක් !
රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද මෙම ආයතන 30ට ඇතුළත්ය.
ඒ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංග මහත්මියගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට එරන්ද ගිනිගේ මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළේය.
පසුගියදා ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා තිබේ. ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇත.
(දේශය)
හෙට ඡන්දයක් තිබුණොත් අපි පරාදයි - ශෂීන්ද්‍ර රාජපක්ෂ
ඉදිරි කන්නයන්හි සිදු කරන වගාවන්වල ඵලදාවන් අඩු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇත්තේ, මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙකු නොගන්නා තීරණයක් බවයි.
”මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙක් ගන්නේ නැති තීරණ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන. හෙට ඡන්දයක් තිබ්බොත් අපේ හාමුදුරුවනේ අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගන නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීරණය ගත්තේ”
හදවතට එකඟව සිදු කරන්නේ, නිවැරදි ක්‍රියාවක් නම්, කෙතරම් අවලාද එල්ල වුව ද ඒවා නොතකා ගමන ඉදිරියට යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
”බැණුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම්, හරි වැඩේ නම් මොන තරම් අවලාද අපිට යෙදුවත්, අපි අපේ ගමන අනිවාර්යෙන් යන එක යනවා කියන එක මම කියනවා. පොඩි අතපසුවීමක් වුණා. මගේ අදහස තියෙන්නේ ජෛව දියර පොහොර ඒ තාක්ෂණයත් එක්ක යන එක. නමුත් යම්කිසි ආකාරයකින් ඵලදාවේ අඩුවක් ආවොත් අපිට සැකයක් තිබුණා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? යම් කිසි වගාවේ අඩුවක් වුනොත්, ඒ වගාව පිළිබඳව රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. යම් අඩුවක් වුනොත් ගොවි රක්ෂණ මණ්ඩලය විසින් සියලුම ගොවියන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දිම, අපි කරනවා. කිසිම සැකයක් තියා ගන්න එපා. රජයක් විදිහට අපි ආවට ගියාට හිතුමතේ තීරණ ගන්නේ නැහැ. ඒ සියල්ල පිළිබඳව හොද අවබෝධයෙන් තමයි අපි කටයුතු කරන්නම”
News1t
ඕන අභියෝගයකට සූදානම් : දහම් වේදිකාවේ !
පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන අද (24) ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්ය.
මීට ප්‍රථම දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දින සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තෝරා ගෙන ඇත.
අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන මෙහිදී පවසා ඇත.
එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් පවසා ඇත.
එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේදී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොලොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කර ඇත.
කුමන්ත්‍රණ පරයා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලූ වෙරෝනා සටන…….
ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ආරම්භව ලොව වටා සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන්ගේ එකතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකිරීම හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලා කරන විරෝධතා උද්ඝෝෂණයේ තවත් එක් අති සාර්ථක සංදිස්ථානයක් ඉතාලියේ වෙරෝනා නගරයේදී නිමාවට පත්විය…..
ඉතාලි පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ හා නගරසභා නියෝජනය නිසා ජාත්‍යන්තර අවධානය වඩාත් තීවෘ වේ…….
වෙරෝනා උද්ඝෝෂණ ව්‍යාපාරය අති සාර්ථක සංදිස්ථානයක් සනිටුහන් කරමින් වෙරෝනා නගරය නියෝජනය කරමින් ඉතාලි පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔන්චිරෝ මාස්කියෝ On Ciro Maschio මහතා සභභාගී වෙමින් සියලු ජාතීන් අතර සමගියේ අවශ්‍යතාවත්, කුඩා දරුවන් ඇතුලු අහිංසක මිනිසුන් මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමත් එය දේශපාලන බලය වෙනුවෙන් යොදා ගැනීමත්,මේවන විට යුක්තිය ඉටුනොවීමත් වහාම යුක්තිය ඉටුකළ යුතුබවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ප්‍රජාව සමගින් සෙවනැල්ලක් සේ සිටිමින් යුක්තිය දිනා ගැනීමේ සටනට ජාත්‍යන්තර සහාය ලභා දීමට කටයුතු කරන බවට සපතවිය………..
තවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දිනෙන් දින දියුණුවන ලෝකයේ යහපත් මානව සම්පත ආරක්ශා කළයුතු අතර තව දුරටත් මෙවැනි ඝාතන,පහරදීම්,බියවැද්දීම් වහාම නතරවිය යුතු බවත් සාමයෙන් ජීවත්වීමේ පරිසරයක් සැමට අත්‍යාවශ්‍ය බවත් ය. එමෙන්ම වෙරෝනා නගරයේ නගරාධිපති තුමා එම අවස්තාවට සහභාගී වෙමින් යුක්තිය ඉටුකිරීමේ අරගලය සවිමත් කරනට සියල්ල සූදානම් කළ සිටියද නොවැලැක්විය හදිසි හේතුවක් නිසා එම විරෝධතා උද්ඝෝෂණ භූමියට නොපැමිණුනද නගරසභා නියෝජිත වරියක් සහභාගී කරවමින් විරෝධතාව සාර්ථක කරගැනීමට තවත් ශක්තියක් එක් කළහ.
ආණ්ඩුවේ කුමන්ත්‍රණ කාරී පිරිස් යුක්ති අරගලය දියකරනට ගත් සියලු උත්සාහ වෙරෝනාවෙන් නිමවෙයි……..
බොලොඤ්ඤාවෙන් ආරම්භ කළ යුක්තිය ඉල්ලන සටන පක්ෂ පාට පංති භේද පසෙකලා සාමූහිකත්වයෙන් කළු කොඩිය හා සිංහ ධජය දෙඅත් දරමින්, ශ්‍රී ලංකන් ඩයස්පෝරාව ලෙස කඳවුරු බඳීම නිසාවෙන් වත්මන් ආණ්ඩුව තුළ යම් තැතිගැන්මක් ඇතිකරවන්නට විය. ඒ මක්නිසාදයත් පාස්කු වින්දිතයින්ගේ කඳුලු මතින් බලයට ඒමත්, සති දෙකෙන් මහ මොළකරුවන් හෙළිකොට යුක්තිය උදාකරනා තවමත් කඩවුනු පොරොන්දුව නිසාවෙනි…
ඒ නිසාවෙන්ම ආණ්ඩුවේ මැර පිරිස් යොදාගනිමින් බොලොඤ්ඤා විරෝධතාව කඩාකප්පල් කිරීමට ගත් පහත් උත්සාහය විවිධ පැතිකඩ ඔස්සේ දිගින් දිගටම වෙරෝනා උද්ඝෝෂණයේ ආරම්භය දක්වාම ක්‍රියාත්මක වෙමින් තිබිණ….
අරගල දියකිරීමේ කූට නාටක සැලසුම් ශිල්පීන් ලෙස කප් ගසා ඇති රාජපක්ෂලා නොයෙක් නොයෙක් ක්‍රම මගින් පක්ෂ පාට පංති භේද දුරලා යුක්තියේ අරගලයට පණ පොවන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික පිරිස් බෙදන්නට ගත් උත්සාහයන් සියල්ල ඊයේ (23) වනදින වෙරෝනා නගරයේ පියස්ස බ්‍රා ( Piazza Bra ) හිදී අවසන් විය…..
එය සැබවින්ම යුක්තිය අපේක්ෂාවෙන් සිටින සියලු ප්රජාවන්ගේ ජයග්‍රහණයකි…..
තවද වෙරෝනා විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කළ එමිල්,සිහාන්,සුනිල්,සුරංග,ප්‍රනීත්,ඉරාජ්,අර්ජුන ඇතුලු සංවිධායක මණ්ඩලයත් විවිධ ආයතනත් එක්ව මනා සැලසුමක් සහිතව සංවිධානය කරතිබූ අතර ඊට වෙරෝනා බෞද්ධ විහාරයේ විරාධිපති ස්වාමීන් වහන්සේ හා වැනීසියේ තුසිත සෝලංගාරච්චි පියතුමාද එක්වී අදහස් දැක්විය…. ඒ මොහොත වනතුරුම යුරෝපයේ වෙසෙන, ආණ්ඩුවේ කඩාකප්පල් කාරී පිරිස් සමාජ මාධ්‍ය හරහා උද්ඝෝෂණ මාලාවේ ආරම්භයේ සිටම සද්භාවයෙන් සක්‍රීයව කියා කළ පිරිස් වෙත මඩ ප්‍රහාර එල්ල කලද සංවිධායක මණ්ඩලේ ආරාධිත අදහස් දැක්වීම් ලෙස ජර්මනියේ සිට පැමිණි සිවිල් ක්‍රියාකාරීනී,නීතීඥ ටිකිරි සුභාෂිණි විෆ්ලර්, මිලානෝ නගරය නියෝජනය කරමින් අසේල දාබරේ, රොෂාන් ලෝව්, ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි වෛද්‍ය චමිර නිලංග යන අය පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම හා ඉන් යුක්තියට එල්ලව බරපතල අසාධාරණය ගැනත් චූදිතයන් රජයේ සාක්ෂි කරුවන් වීමට ඇති ඉඩකඩ හා සිදුවන අනර්ථය ගැන අදහස් දැක්වීය. තවත් වෙරෝනා නගරයේ පිරිස් කීප දෙනෙක් අදහස් දැක්විය……
එමෙන්ම උද්ඝෝෂණය අතර තුළ ඉතාලි ජාතිකයන් මෙන්ම වෙනත් විදේශිකයන් උද්ඝෝෂණයේ අරමුණ පැහැදිලි කරනමෙන් ඉල්ලමින් අවසන වසර දෙක හමාරක්, මාස 30ක් තිස්සේ යුක්තිය ඉටුනොවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළේ වත්මන් පාලකයන් දැඩි දෝශ දරශණයට ලක්කරමිනි.
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ.
ඉතාලිය.
https://casite-1385010.cloudaccess.net/news?start=7038#sigProIdf0d4cfaac2
ඉන්දීය පොහොර ගෙන්වීමට තීන්දු ගැනීමට කලින් සල්ලි ගෙවලා !
ඉන්දීය දියර පොහොර තොගය හා ආනයනය කිරීම සඳහා කැබිනට් තීරණය ගැනීමට පෙර අත් ගැනීමට පෙර මුදල් ගෙවීම් සිදු කර ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි .
හිටපු මන්ත්‍රීවරයා මෙම අනාවරණය කර සිටියේ අද (24) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි .
මෙහිදී ඔහු සිදු කළ අදහස් දැක්වීම ය .
මේ වන විටත් ගොවි ජනතාව පොහොර නොමැතිව විශාල පීඩාවක ඉන්නවා. ඒ අතර නයිට්රජන් දියර පොහොර ගෙන්වීම විශාල කතා බහකට ලක්ව තිබෙනවා. ආණ්ඩුව පොහොර අර්බුදයට විවිධ තීන්දු ගත්තා. එක වෙලාවක කාබනික පොහොර කියලා රසායනික පොහොර ගෙන්වුවා. කාබනික පොහොර ලෙසම චීනයෙන් ගෙන්වූ පොහොර තොගයේ ප්‍රමිතියේ ප්‍රශ්න නිසා හරවලා යැව්වා. ඒ පොහොරම නැවත වරායට ඇවිල්ලා නතර වෙලා තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුවෙලා ඇති බවට වාර්තා වෙනවා. එම වංචාව සම්බන්ධයෙන් ලියපු මාධ්‍යවේදීන් සී.අයි.ඩී. එකට කැඳවලා තිබෙනවා.
අංශු මාත්‍ර ශාක පෝෂක නිෂ්පාදක සැපයුම යටතේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔක්තෝබර් 15 දින ඉදිරිපත් කළ බවට සඳහන් වෙනවා. නමුත් මෙම නයිට්රජන් පොහොර තොගය ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පටහැනිව බව දැන් පැහැදිලි වෙනවා. ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා වන පෞද්ගලික සමාගමකට භාණ්ඩාගාරය අනුමත කළ මුදල් මහජන බැංකුව හරහා ලබාදී තිබෙන බව අපි දැනටමත් දන්නවා. රජයන් අතර ගනුදෙනුවක් නම් ආනයනය ක්‍රියාවලිය සිදුවිය යුත්තේ රජයේ සමාගම් හරහායි. ශ්‍රී ලංකාවේ රජය යටතේ පොහොර සමාගම් දෙකක් තිබෙනවා. එම සමාගම් මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට තොරතුරු නැහැ. ඒ වෙනුවට එම ගනුදෙනුවට සම්බන්ධ වී තිබෙන්නේ මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන අයගේ පුද්ගලික ගිණුමකට මුදල් හුවමාරුවක් මගින්. මේ අය ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයින් නම්, ඔවුන්ට විදේශ මුදල් හුවමාරු ගිණුමක් තිබිය යුතුයි. එම ගිණුම ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝබර් 18දායි. එදිනම තමයි භාණ්ඩාගාරයෙන් මුදල් මෙම ගිනුමට හුවමාරු වන්නේ. එය වෙනම ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. ඇමතිවරයා ඉල්ලීම් කර තිබෙන්නේ ඉහළ ගුණාත්මක භාවයක් සහිත මෙම ශාක පෝෂක කොටස් සහිත ද්‍රව්‍ය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා ආනයනය කිරීමටයි. නමුත් ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික සමාගමක්.
ඇමතිවරයා කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කරන්නේ මෙම නයිට්රජන් දියර පොහොර වී වගාව සඳහා ලීටර් මිලියන 1.8ක් සහ බඩඉරිඟු වගාව සඳහා ලීටර් 3,25,000ක් ආනයනය කරන්න අවශ්‍යයි කියලා. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් මිලදී ගන්නා එම ලීටර් ප්‍රමාණය සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට ණය පහසුකම් ලිපියක් අදාළ බැංකුව වෙතින් භාණ්ඩාගාරය හරහා නිකුත් කරන්න කියලා එම කැබිනට් සංදේශයේ සඳහන් වෙනවා. විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම මිලදී ගැනීම සිදුකළ යුතුව තිබුණත් හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරන්න ගිහින් දැන් හත්පොලේ ගාගෙන තිබෙනවා. කැබිනට් තීරණය ලබාදී තිබෙන්නේ ඔක්තෝබර් 19වැනිදායි. කැබිනට් පත්‍රිකාවේ 04/1 ලෙස සඳහන් කර තිබෙන ඉන්දියානු සමාගමේ පොහොර ලබාගැනීමටයි. 4/2 කියන්නේ එම පොහොර තොගය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා කොන්ත්‍රාත් ගත කර ගිවිසුම් ගත කර ගෙන්වීමට සහ ඒ සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි. එලෙස අනුමත වුණු කැබිනට් තීරණය වෙනස් වුණේ කොහොමද කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මෙතන තවත් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එනම් කැබිනට් තීරණය දැනුම් දෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා වන අතර, පුද්ගලික ගිණුමට මුදල් හුවමාරුව සිදුවී තිබෙන්නේ කැබිනට් තීරණය ලැබීමටත් පෙරයි. එනම් ඔක්තෝබර් 18වෙනිදායි. එනිසා මෙතන ගැටලු ගණනාවක් මතුවෙනවා.
ඒ වගේම කැබිනට් මණ්ඩලය විසින් එම මුදල ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මෙම පොහොර ගෙන්වීම සඳහා ඉන්දියානු සමාගම තෝරා ගත්තේ කොහොමද යන්නත් රටට පැහැදිලි කළ යුතුයි. මේ සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ වාර්තාවල සඳහන් වෙනවා මෙම පොහොර ඩොලර් ශත 10ක් මිල අඩුකර ලබාගන්නා බව. නමුත් ඩොලර් සත 10ක් පමණක් අඩුකර ලබාගැනීමට තරම් හදිසියක් ඇති වුණේ කොහොමද? ඒ වගේම මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන දෙදෙනාගේ ගිණුම හරහා මුදල් ලබාදුන්නේ ඇයි? ඉතිරි මුදල ඩොලර් වල සිට රුපියල්වලට මාරු කිරීමට බලපෑම් කළේ ඇයි? මේ සඳහා යොදා ගන්නේ මහජනතාවගේ මුදල්. ගනුදෙනුවෙන් පසුව ඉතිරි වූ මුදල් නැවත රුපියල්වලට හරවා ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? පොහොරවලට ගෙවන්නේ ඩොලර් 325,000ක් නම් ඩොලර් ලක්ෂයක් නැවත රුපියල්වලට මාරු කරන්නේ ඇයි? මේවා රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
මෑත කාලයේ සුදු ළුෑණු ගනුදෙනුවකදී වංචාවක් සිදුවුණා. සීනි වංචාවක් සිදුවුණා. පොල්තෙල් ගනුදෙනුවකදී වංචාවක් සිදුවුණා. ගෑස් ගනුදෙනු සිද්ධ වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව බඩගින්නේ ජීවත් වෙනවා. දිනෙන් දින බඩුමිල ඉහළ යනවා. ආර්ථිකය බංකොලොත් වෙලා. ව්‍යාපාරිකයන්ට දේශීය වශයෙන් ව්‍යාපාර කරගෙන යෑමට නොහැකි වෙලා තිබෙනවා. එහෙම තිබෙද්දීත් රටේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම හොරකම් කරන්න කැබිනට් මණ්ඩලයේ පවා දේශපාලකයෝ තීන්දු තීරණ ගන්න තත්වයට පත්වෙලා. මේක ගැන පැහැදිලි කිරීමට ආණ්ඩුවේ අය කියන කතා ඇහුවාම මේ ගනුදෙනු සිදුවෙන්නේ කඩේට ගිහින් බඩු ගේනවා වගේ කියලා අපිට හිතෙනවා. මෙවැනි ආනයනයකදී ඇස්තමේන්තුවක් නැද්ද? පොහොර තොගයට අනුව නොවෙයිද මුදල් වෙන් කරන්නේ? භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඕනෑම පුද්ගලික ගිණුමකට හුවමාරු කරන්න පුළුවන්ද? කැබිනට් තීරණය තිබියදී ඊට පිටින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවුණේ කාගේ උවමනාවකටද? ඊට අනුමැතිය දුන්නේ කව්ද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
මෙම ප්‍රවෘත්තිය වාර්තා කළ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා සහ මාධ්‍යවේදියා රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කර, ඒ සම්බන්ධයෙන් යන විමර්ශනය දෙස අපි හොඳින් බලාගෙන සිටිනවා. අපි මේ රටේ ජනතාවගෙන් වගේම මේ රටේ මාධ්‍ය ආයතනවලින්, මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා මේ කරුණු දිහා හොඳ අවධානයකින් ඉන්න කියලා. මුළු රටම ආර්ථික වශයෙන් අගාධයට ඇද දාලා, තමන්ගේ මඩිය තරකර ගන්නා ජනතාවගේ අර්බුද තමන්ගේ ව්‍යාපාරය බවට පත්කර ගන්නා මේ ආණ්ඩු ගැන අවධානයෙන් ඉන්න. මෙම ගනුදෙනුව සඳහා යොදාගත් කෝටි 29න් විශාල වංචාවක් සිදුවෙලා තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා පවා කියනවා මෙවැනි ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවෙන බව තමන් දැනගෙන හිටියේ නැති බව. ඩොලර් මිලියන 1.257ක් කියන්නේ සුළු මුදලක් නොවේ. එවැනි මුදලක් ගනුදෙනු වනවිට ඒ පිළිබඳ ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි. මෙවැනි ගනුදෙනුවලට මැදිහත් වෙන වංචාකාරයන් පිළිබඳව විමර්ශනය නොවී එම ගනුදෙනු පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.
මෙම ගෙන්වන ලද නයිට්රජන් සහිත පොහොර අපේ රටේ වගාවන්වලට ගැලපෙනවාද? මේ පිළිබඳ සිදුකරන ලද පරීක්ෂණ මොනවාද? මේ පිළිබඳව පරීක්ෂා කරපු විද්‍යාඥවරිය ඉන්නෙත් ලංකාවේ. 2010 ඉදිරිපත් කරපු වාර්තාව ලංකාවේ ආණ්ඩු පිළිගත්තා නම් මෙම පොහොර අපේ රටේ නිෂ්පාදනය කරන්න තිබුණා. නමුත් අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයාවත් කෘෂිකර්ම අමාත්‍යාංශයවත් එදා එම වාර්තා භාරගත්තේ නැහැ. එදා අපේ රටේ විද්‍යාඥවරිය සොයා ගත් ආකාරයට නොවෙයි අද මෙම පොහොර ඉන්දියාවේදී නිෂ්පාදනය වෙලා තිබෙන්නේ. පරස්පරතා ගොඩක් තිබෙනවා. ඒ පිළිබඳව වෙනම සංවාදයක් කළ යුතුව තිබෙනවා. අපේ රටේ විද්වතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්නේ නැති රටක්. එනිසා අපේ රටේ බුද්ධිමතුන් සොයා ගන්නා සමහර සොයා ගැනීම් පිටරටවල නිෂ්පාදන ලෙස අපිට මිලදී ගන්න සිදුවෙලා තිබෙනවා. ඒක ඛේදජනක තත්වයක්. එනිසා අපි නැවතත් කියන්නේ මෙම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතුයි. අපේ රටේ ගොවිජනතාව පොහොර ඉල්ලද්දී, මෙතරම් විනිමය අර්බුදයක් තිබෙද්දී, ඩොලර් සංචිත හිඳෙමින් තිබෙද්දීත් තිබෙන ඩොලර් ටිකත් හොරකම් කරන මට්ටමකට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.
දවසින් දවස සිදුවෙමින් තිබෙන මෙවැනි වංචා දූෂණ නිසා මහාපරිමාණ ගනුදෙනු, වංචා - දූෂණ යටපත්වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ ජනතාව විශ්වාස කළා, මහබැංකු බැඳුම්කර හොරුන්ට, අර්ජුන ඇලෝසියස්ලට, අර්ජුන් මහේන්ද්රන්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා. එදා වේදිකා පැලෙන්න පොරොන්දු දුන්නේ මහබැංකු වංචාවේ මහ මොළකරු මොන රටේ හිටියත් නීතිය හමුවට ගේනවා කියලා. නමුත් ඒවා අද යටගිහින් තිබෙනවා. ඉතිහාසයට එක්වූ කතා පමණක් බවට පත්වෙලා. ඒ වගේම මේ මෑතකදී පැන්ඩෝරා පේපර්ස්වලින් හෙළිදරව් වුණා රාජපක්ෂ පවුලේ ඥාතීන් වන තිරුනඩේෂන් සහ නිරූපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 160ක ප්‍රමාණයක දැවැන්ත මුදල් ප්‍රමාණයක් ගැන. එම මුදල් අපේ රටේ ගනුදෙනු හරහා හම්බකරගෙන පිටරට ගිණුම්වල පිටරට ව්‍යාපාරවල ආයෝජනය කර තිබෙනවා. වෙනත් ගනුදෙනු නිසා යටයමින් තිබෙන මෙම පැන්ඩෝරා හෙළිදරව්ව පිළිබඳව සිදුවන විමර්ශන මොනවාද කියලා රටට හෙළිදරව් කළ යුතුව තිබෙනවා. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ නොවෙයි, හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්. මේ ගනුදෙනු හෙළිදරව් වූ විගස ලෝකල් පැන්ඩෝරලා විසින් පැන්ඩෝරා හෙළිදරව්ව බොඳ කරන්න ෆේස් බුක් මෙහෙයුමක් පටන් ගත්තා. එනිසා මෙම ඩොලර් මිලියන 160 ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳ විමර්ශන කරන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසම නම් සාක්ෂි සඳහා කැඳවන්නේ කවුද? නිරූපමා රාජපක්ෂට අමතරව වෙනත් සාක්ෂිකරුවන් කවුද? යන්න මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
මීට කලිනුත් පැනමා පේපර්ස් මගින් හෙළිදරව්වක් සිදුවුණා. ඊට අමතරව පැරඩයිස් ඇපල්බයි, වෝල්ටා පැරඩයිස් වැනි පත්‍රිකා වැනි හෙළිදරව් මගින් ලංකාවේ පුදගලයන් ගැන හෙළිදරව් වුණත් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදුවුණේ නැහැ. ඒනිසා මෙම පැන්ඩෝරා හෙළිදරව්ව පිළිබඳවත් ආණ්ඩුව තමන්ට ඕනෑ අය සාක්ෂිවලට කැඳවලා මෙම වංචා - දූෂණ කාලයේ වැලිතලාවලින් යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද මෙය එක පුද්ගලයෙක්ු විසින් පමණක් සිදුකළ ගනුදෙනුවක් නොවෙයි. මෙවැනි ගනුදෙනු බොහොමයක් තිබෙනවා. එනිසා මෙම ගනුදෙනුවලට සම්බන්ධවී තිබෙන හොංකොන්වල ආයතන, ඕස්ටේ්රලියාවේ තිබෙන ආයතන, මූල්‍ය පහසුකම් සපයන විවිධ ආයතන, නීතිවේදීන් ඇතුළු සුදු කරපටි වෘත්තීයවේදීන්ගෙන් මෙම පරීක්ෂණවලට සාක්ෂි ලබාගනීද යන්න අපි විමසිල්ලෙන් ඉන්නවා. 2018දී පාර්ලිමේන්තුවේදී සම්මත වූ මූල්‍ය විසුද්ධිකරණ සහ මූල්‍ය අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා පනතට අනුව විමර්ශන සිදුවෙනවාද යන්න ගැනත් සැලකිල්ල යොමුවෙනවාද යන්නත් ගැන අපි විමසිල්ලෙන් ඉන්නවා. එම පනතේ විධිවිධාන අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කරන සෙන්ට්‍රල් ඔතෝරොටි ආයතනය මගින් මෙවැනි විමර්ශනයකට පිටරට ආයතනවලින් වාර්තා කැඳවීමට බලය තිබෙනවා. එවැනි පනත් පාර්ලිමේන්තුවේ සම්මතවීමට පමණක් සීමා කරලා මෙවැනි වංචා දූෂණ සාමාන්‍ය ක්‍රමවේදයකට පරීක්ෂණ කරලා පැත්තකට වීසි කරන්න ඉඩදිය යුතු නැහැ. මේ ගනුදෙනුවල ඇත්ත තත්වය ජනතාවට හෙළිදරව් කරන පරීක්ෂණයක් බවට පත් කළ යුතුයි. අපි හිත්නනේ නැහැ ජනාධිපතිවරයා විසින් තමන්ගේම පවුලේ අය ගැන පරීක්ෂණ කරන්න ගන්නා ක්‍රියාමාර්ගවලින් ඇත්ත හෙළිදරව් වෙයි කියලා. තවත් කාට හරි අපහාස කරලා මඩ ගහලා විහිළු කතා කියලා පැන්ඩෝරා පේපර්ස් වැනි මහාපරිමාණ දූෂණ යටපත් කරන් ඉඩ තිබෙනවා. කොතරම් නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කළත් හොරු, දූෂතයෝ මංකොල්ලකාරයෝ ආරක්ෂා කරන ක්‍රමවේදයන් ලංකාවේ තිබෙනවා.
අද සිදුවෙන පොහොර වංචා, සුදු ලූණු වංචා සාමාන්‍ය කරනය කිරීමට ඉඩ දෙන්න එපා කියලා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. ඒවගේම අපි ජනතාවට පොරොන්දුවක් වෙනවා අපි විසින් බිහිකරන ජනතාවාදී පාලනයක් විසින් මේ සියලු වංචාවන් හෙළිදරව් කරනවා විතරක් නොවෙයි, ඔවුන් නීතිය හමුවට කැඳවලා අපේ රටේ ජනතාවගෙන් උදුරාගත් මේ මහජන ධනය, ජාතික ධනය නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි දෙනවා.
මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු
ගුරුවරුන්ගේ ක්‍රියා මාර්ගයට අපි පක්ෂයක් ලෙස සහාය ලබාදෙනවා. ඒ වගේම එය සාධාරණ අරගලයක් බවත් අපි ප්‍රකාශකර තිබෙනවා. එනිසා එම අරගලයේ අපි ඉන්නේ පිටිපස්සෙන් නොවෙයි. අපේ වෘත්තීය සමිතිය සහ එහි ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා අරගලයේ ඉදිරියෙන්ම ඉන්නවා. අද ඔවුන්ගේ ක්‍රියාමාර්ගය මේ රටේ දෙමාපියන් ඇතුළු ජනතාව තේරුම් අරන් තිබෙනවා. ගුරුවරුන්ගේ ඉල්ලීමට දෙමාපියන් ඇහුම්කන් දීලා තිබෙනවා. අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න වෙහෙසෙන්නේ ගුරුවරු. ඒ නිසා ඒ සාධාරණ ඉල්ලීමට අපිත් සහාය පළකරනවා. අපි විශ්වාස කරනවා මේක ගුරුවරු හුදකලාව කරන්න ඕන අරගලයක් නෙවෙයි. 25 දින පාසැල් විවෘත කළාම දරුවන්ගේ අධ්‍යාපනයට සහාය දෙනවා වගේම ගුරුවරුන්ගේ ඉල්ලීම ජයග්‍රහණය කරන්න ඔවුන්ට ඇතිවෙලා තිබෙන අවුරුදු 24ක වැටුප් විෂමතාවය තුරන් කරන්න දෙමාපියන් මේ අරගලය අතට ගත යුතුයි. ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ඉල්ලීමෙන් 1/3ක් කියන්නේ රු.1250ක්. මේ වැඩිවෙන බඩු මිලේ හැටියට ගෑස් සිලින්ඩය වැඩි වූ මිල දිහා බැලුවම දින 100ක් අරගල කරලා ගෑස් සිලින්ඩරයක්වත් ගන්න ගානක් නෙවෙයි වැඩිවෙන්නේ. ඇත්තට මේක වැටුප් වැඩිවීමක් නෙවෙයි ගුරුවරුන්ට ලැබිය යුතුව තිබෙන මුදලක්. 100කට පෙර තිබුණ උද්ධමනය සහ දැන් උද්ධමනය වැඩිවෙලා තිබෙන ප්‍රමාණය බැලුවත් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ගුරුවරුන්ගෙන් අකුරක් හරි ඉගෙන ගත් සියලු දෙනා මේකට මැදිහත් විය යුතුයි. ආණ්ඩුවට හොරකම් කරන්න සල්ලි තියෙනවා ගුරු වැටුප් ගෙවන්න සල්ලි නැති වුනාට.
චීන ජරාගොඩ නැවෙන් බායිද : වියතුන්ගෙන් ශෝක ප්‍රකාශ !
චීනයෙන් ගෙන්වනු ලැබූ නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ පොහොර තොගය මෙරටට ගොඩබෑමේ අවධානම සම්බන්ධයෙන් විද්වතුන් සමාජ මාධ්‍ය තුළ පවා ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් සිටියි.
එහිදී "ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසා” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක පවසයි.
මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ චීනයෙන් ගෙන්වා ඇති තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයිද එම පොහොර තොගයේ අන්තර්ගත ක්ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැති බවය.
ඇය තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.
රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් දොට්ට !
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර ඇත.
ඊට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ අද (24) රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙකී තීන්දුව ගනුලැබූ බවය.
කොමියුනිස්ට් පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සම්බන්ධයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් පසුගියදා රාජා කොල්ලුරේ විසින් සිදුකරනු ලැබිණ.
ඒ 20, 21 රාජකාරිය සඳහා නොඑන ගුරු විදුහල්පතිවරුන් ගේ වැටුප් කපන බව ඇතුළු ප්‍රකාශ සිදුකරමිනි.
ඔහු ආණ්ඩුකාර ලෙස ඒ ප්‍රකාශ කළේ කොමියුනිස්ට් පක්ෂය ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සාධාරණ බව පිළිගෙන පවා තිබුන පරිසරයකය.
දේශපාලන විචාරකයන් පවසන්නේ රාජා කොල්ලුරේ ගේද කොමියුනිස්ට් වාමාංශික හැවත් මෙසේ ගැලවී වෙන්වී යාම වැදගත් බවය. එය කොමියුනිස්ට් පක්ෂය ගනුලැබූ වැදගත් තීන්දුවක් බවත් විචාරක මතය වී ඇත.
පතල් කාර්යංශයේ ලොක්කාට බරපතළ විගණන චෝදනාවක් !
විගණන අධිකාරි කේ එම් යූ ඩී සරත් කුමාර විසින් පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ආයාතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විශාල මුල්‍යය අක්‍රමිකතා වලට වගකිවයුතු බව සහ ඔහුට නීත්‍යානුකූල පත්වීමක් පවා ලබා දී නොමැති බවයි.
2021 සැප්තැම්බර් මස 16 දින දරණIEN/D/DG/2021/2G SMBනමැති අංක දරණ එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය නිසා රජයට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බවය.ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2017 වර්ෂයේදී පරීක්ෂණයක් ආරම්භ කර ඇතත් දේශපාලන බලය මගින් ඒවා යටපත් කර ඇති බවත් ආයාතනයේ සේවකයෝ පවසති.
(Lanka lead )
Page 392 of 444