Language Switcher

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙක් පත්කරයි

V2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර්  පත් කර තිබේ.

ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර්  ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද (02) සිදු විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න  විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් පිළිගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත.