Language Switcher

Ad

Ad 01

V2025

තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු ‍කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු මේ වන විට අවලංගු කර තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ  පැවසුවේය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව රාජිත රණසිංහ  පැවසීය.

කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය මත එම කටයුතු සිදුකළ යුතුය බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ  වැඩිදුරටත් සඳහන් කළේය.