Language Switcher

Ad

Ad 01

V2025

මංගලගේ පොත් එකතුව ප්‍රධාන පුස්තකාලයන් වෙත ප්‍රදානය කෙරේ

දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන්, ඔහුගේ පුළුල් හා ආදරණීය පෞද්ගලික පොත් එකතුවෙන් කොටසක් ගෞරවනීය ආයතන තුනකට පරිත්‍යාග කොට ඔහුගේ මතකයට ගෞරව කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින්පියවර ගනී.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, යාපනය මහජන පුස්තකාලය සහ මාතර මහජන පුස්තකාලය වෙත එම ප්‍රදානයන් සිදු කෙරෙනු ඇත.

විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ කීර්තිමත් ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ සෙන්ට්‍රල්ශාන්ත මාටින්ස් හි අධ්‍යාපනය ලැබීමෙන් පසු විලාසිතා නිර්මාණකරුවෙකු සහ ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

කාලීන කටයුතු, ජාත්‍යන්තර සබඳතා, සංවර්ධන අධ්‍යයනය, ඓතිහාසික නවකතා, වැඩියෙන්ම අලෙවි වන ප්‍රබන්ධ, කවි, විකාර සාහිත්‍යය, සංචාර, භාෂා, චිත්‍ර, අත්කම්, සහ ඡායාරූපකරණය ඇතුළු පුළුල් පරාසයක විෂයයන් සම්බන්ධයෙන් වන ඔහුගේ පොත් එකතුව මගින් ඔහුගේ ඉගෙනීමට ඇති රුචිය සහ අන්තර් විෂය ලැදියාවන්මනාව පිළිබිඹු වේ.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ශ්‍රී ලංකාවේ දැනුම බෙදාගැනීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසට ක්‍රියාත්මක වනබණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය මෙම ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

එම මධ්‍යස්ථානය විසින් මෙම පොත් එකතුව ලේඛනගත කිරීමට සහාය වන අතර, රාජ්‍ය තාන්ත්‍රික සහ ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීමට වඩාත් අදාළ පොත් ඊට ප්‍රදානයකෙරෙනු ඇත.

මෙම පරිත්‍යාගය විශේෂයෙන් යෝග්‍ය වන්නේ එය රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියැලී සිටින්නන් සහ ගෝලීය වේදිකාවේ විවිධ කර්මාන්තවලදී ශ්‍රීලංකාව නියෝජනය කරන්නන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට ඉන් සහායක් ලැබෙන බැවිනි.

pothayi gadolayi

විනාශ වී තිබූ යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමේ පූරෝගාමී කාර්යයට මුලපුරමින්

යාපනය මහජන පුස්තකාලයට පොත් ප්‍රදානය කිරීමට ගත් තීරණය විශේෂ වැදගත්කමක් දරයි. ගිනි තැබීමට ලක් වූ එම පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමටමංගල සමරවීර දැඩි ලෙස කැප වී සිටි අතර, එම සිද්ධිය සියළුම ශ්‍රී ලංකාවාසීන්ගේ ඛේදවාචකයක් ලෙසින් ඔහු සැලකීය. හිටපු ජනාධිපතිනී බණ්ඩාරනායකකුමාරතුංගගේ පාලන සමයේදී යාපනය පුස්තකාලය සහ එහි මිල කළ නොහැකි පොත් එකතුව නැවත ගොඩනැංවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රට පුරාසිටින ශ්‍රී ලාංකිකයන් බලමුළු ගැන්වීමට උත්සාහ කළ ‘ගඩොලක් හෝ පොතක්’ ව්‍යාපාරයේ සාඩම්බර සංවිධායකයෙකු ලෙසින් ද ඔහු කටයුතු කළේය. මෙමපරිත්‍යාගය නියෝජනය කරන්නේ එම ඓතිහාසික අලාභය පියවා ගැනීමට ගන්නා අඛණ්ඩ උත්සාහයක් ලෙසටයි.

මීට අමතරව, ඔහුගේ පුස්තකාලයේ කොටසක් මාතරට ගෙන ගොස් මහජන පොත් එකතුවක් සැකසීම මගින්, ඔහුගේ ආදරණීය දකුණේ උපන් ගමෙහි විශේෂයෙන් කලා හා සංචාර ක්ෂේත්‍රයන්ට ලැදි තරුණ තරුණියන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම පරිත්‍යාගය මංගලගේ ජීවිත කාලය පුරාවටම වූ දැනුම වෙනුවෙන් කැපවීම සහ ප්‍රජාවන් අතරට ගෙන ඒමට සහ අවබෝධය වර්ධනය කිරීමට එහි ඇතිශක්තිය පිළිබඳ විශ්වාසයට උපහාරයක් බව ඔහුගේ සහෝදරිය වන ජයන්ති සමරවීර මහත්මිය පැවසුවාය.

 “මෙම ප්‍රදානය මගින් මංගලගේ පුළුල් බුද්ධිමය කුතුහලයෙන් සහ රාජ්‍ය සේවයට කැපවීමේ උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් අනාගත පරපුරට ආස්වාදයක් සහ දැනුමක් ලබා දෙනු ඇතැයි අපිබලාපොරොත්තු වෙමු.”

පුස්තකාල මගින් පොත් ලේඛණගත කිරීම සහ තෝරා ගැනීමෙන් පසුව පොත් පරිත්‍යාග කිරීමේ උත්සවය ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරේ. ඔහුගේ පොත්එකතුවෙන් කුඩා කොටසක් ඔහුගේ පවුලේ රැකවරණය යටතේ තවදුරටත් පවතිනු ඇත.