පුවත්
රනිල් ඉල්ලපු විවාදයට : සජබ මන්ත්‍රීලාත් ඔලුව වනයි !
තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතු හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය.
මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද ඔහු එහිදී අවදාරණය කර සිටියේය.
"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ.
ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න.
ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ.
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න." "ආයෝජන මණ්ඩල හමුවට මුදල් ඇමති හරි රාජ්‍ය මුදල් අමාත්‍ය හරි යන්න තිබුණා. ඒකට හමුදාපති ගිහින් කතා කරලා, හිටපු අයත් නැගිටලා ගිහින්."
රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමඟ ගනුදෙනු කිරීම බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
බැසිල් ඇවිත් !
සිය නිවස බලා පිටත්ව ගොස්සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (23) මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහු ඒ සඳහා ඊයේ ඇමරිකාවෙන් පිටත්ව ඇති බවත් දැනගන්නට ඇත.
ඉන්ධන මිළ අඩු නොකරන්නේ නම් වැඩකරන ජනතාව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් - ලාල්කාන්ත
කොවිඩ් වසංගතය මරදනය කිරීමට අසමත් වීම ඇතුළුව අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් වැඩකරන ජනතාව ඉමහත් පීඩාවට පත්ව ඇති බවත් එවැනි තත්වයක් තුළ ඉන්ධන මිල ඉහළ දැමීම රාජ්‍ය පෞද්ගලික, වතු ඇතුළු ක්ෂේත්රවල වැඩකරන ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත අගමැති, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
මෙවැනි විටෙක වැඩකරන ජනතාවට සහන සැපයීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් ඔවුන්ට ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එබැවින් එවැනි වටපිටාවක් නිර්මාණය වීමට කලින් සියලු ජනතාවට බලපාන ඉන්ධන මිල පහළ හෙලීමට කටයුතු කරන ලෙසත් මෙම ලිපිය මගින් ඔහු දැනුම්දී ඇත.
එම ලිපිය වැඩිදුරටත් මෙසේය.
කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව මේ දක්වාම අසමත් වීමත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලද අදූරදර්ෂී ක්‍රියාමාර්ගත් මෙන්ම ඔබ අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් මේ වන විට රටතුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළුව සියල්ලෙහිම මිළ සීඝ්‍ර ලෙස ඉහල දැමීමක් සිදුකර ඇත. පසුගිය කාල වකවානුව පුරාම අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාවලිය නිසා ජනතාව තුල ගොඩනැගී වර්ධනය වන්නේ බලවත් ආර්ථික පීඩනයක් හා අසහනයකි. මෙම තත්වයේ දී භාණ්ඩ හා සේවා සපයන්නන් විසින් ද තම තමන්ගේ හැකියාවන්ට අනුව මිළ ඉහල දමමින් සිටී. එසේ තම කාර්යයට අනුව, ලබා දෙන සේවාවට අනුව, වටිනාකම් ඉහල දමා ගත නොහැකි පිරිස වන රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්රයන්හි වැඩකරන ජනතාව වට ගණනාවකින් පීඩාවට පවත්වන කොට්ඨාශයන් බවට පත්ව ඇත.
ඔබ ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඉන්ධන මිළ වැඩි කරන්නේ මෙවැනි පීඩාකාරී තත්වයකට වැඩ කරන ජනතාව මුහුණ දී සිටින අවස්ථාවකදීය. එය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණයේ අනිටු ප්‍රතිඵල ජනතාව මත පැටවීමකි. එමගින් තව තවත් වට ගණනාවකින් ඉහල යන ජීවන වියදම හමුවේ තම ජීවිතය ගැටගසා ගැනීමේ අර්බුදයට මුහුණ දීමට නොහැකිව කබලෙන් ලිපට වැටීමේ තත්වයකට වැඩකරන ජනතාව පත්ව ඇත.
මෙම අතිශය පීඩාකාරී තත්වය යම් පමණකින් හෝ සමනය කර ගැනීමට නම් ආණ්ඩුව ජනතාව මත අලුතින් බර පැටවූ ඉන්ධන මිළ වැඩි කිරිම වහාම ඉවත් කරගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් තව දුරටත් මෙම දැවැන්ත ජීවන බර දරා සිටීමට වැඩකරන ජනතාවට නොහැකිවා මෙන්ම ඒ සඳහා අප එකඟවන්නේ ද නැත. වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. එය වැඩකරන ජනතාවගේ අයිතියක් ලෙස ද අපි සලකන්නෙමු.
එබැවින් පළමු ක්‍රියාමාර්ගය ලෙස ආණ්ඩුව වැඩිකළ ඉන්ධන මිළ අඩු කළ යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් වහාම වැඩි වන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමකට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නොඑසේනම්, එය දිනා ගැනීම වෙනුවෙන් අරගල මාවත තෝරා ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි පසුබට නොවෙමු. අනෙකුත් වෘත්තීය සමිති සමගින් වැඩකරන පන්තිය ඒකරාශි කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට අපට සිදුවන බවද අවධාරනය කරන අතර, එමගින් ජනතාවගේ දෛනික කටයුතු වලට සිදුවන බාධාවන්හි පූර්ණ වගකීම ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුව විසින් භාරගත යුතු බව අපි අවධාරණය කරමු. එම නිසා එවැනි තත්වයකට රට පත්නොකර වැඩිකළ ඉන්ධන මිළ අඩු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට බලකරන අප එය ඉටුනොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.
ස්තුතියි,
මීට විශ්වාසී
කේ.ඩී. ලාල්කාන්ත
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කර තිබේ.
මේ අතර, මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් "ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන්= එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව සමගි කරන සමගියේ යෝජනාව කතානායකට බාරදෙයි !
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද (22) භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් අතර ඊට සජබ මන්ත්‍රීවරුන් 43ක් අත්සන් තබා ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 10 කින් යුතුය.
වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඉල්ලා අස්වෙන්න කියමින් ගම්මන්පිල අමාත්‍යවරයා ට නැගූ චෝදනාවම මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන කරුණ කරගෙන තිබීමය.
දේශපාලන විචාරකයන් මේ විශ්වාසභංග යෝජනාව විවේචනය කරන්නේ එකිනෙකා කුලල්කා ගන්නා ආණ්ඩුවේ සමගිය ඇතිකිරීමට සමගි ජනබලවේගය ලබාදුන් අවස්ථාවක් බව පවසමින් ය.
ස්වයංපෝෂිත කතා පැත්තක : සහල් ආනයනයට කැබිනට් අනුමැතිය !
පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ආනයන සීමා කිරීමට කියමින් ආණ්ඩුව කහ පවා ආනයනය නැවැත්වූ අතර එහිදී සඳහන් කර සිටියේ රට ස්වයංපෝෂිත කරන බවයි.
මේ වන විට කෘෂිකර්මය කාබනික පොහොර වෙත යොමුකරන බව පවසමින් රසායනික පොහොර ආනයනය ද නවතා ඇත. ඊට හේතු ලෙස කියනු ලැබුවේ වකුගඩු රෝග ඇතුළු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම වලක්වන්නට කියාය.
දැන් ප්රශ්නය මේ ආනයනය කිරීමට යන සහල් කාබනික පොහොර භාවිතය හරහා සිදුකළ ගොවිතැන් මඟින් ලබාගත් ඒවාද යන්නය.
අනෙක් අතට මතුව ඇති පොහොර අර්බුදය නිසා මෙවර අනිවාර්යයෙන් අස්වනු අඩු වනු ඇති අතර එවිටත් සහල් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ ආනයනය කරන සහල් ද සකසා ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ද නැද්ද යන ගැටළුව මතුවෙයි.
ඒ අනුව මේ ආණ්ඩුවේ සිස්ටම් හැදීම කොහොමද කියනවා නම්, ආහාර ස්වයංපෝෂිත බවත් , කාබනික ගොවිතැන ආශ්රිත ආහාර යන්න වෙනුවට එහි ප්රතිවිරෝධය ජනතාව වෙත පැමිණෙමින් තිබේ.
අගමැති - මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන් හමුවේ
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම අපනයන කරුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (21)පැවති සාකච්ඡාවකදීය.
අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් දැනටමත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ අලවිය මත පදනම්වූ ආදායම් බදු මෙරටදී විදේශ මුදල් භාවිතා කෙරෙන අවස්ථාවලදී නිදහස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ පැවසීය.
මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ලෝ පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය.
මහින්ද රාජපක්ෂ = ජනාධිපතිවරයා වශයෙන් සිටියදී 2015 වර්ෂයේ දී තමන්ට ලබා දුන් සහන පසුගිය රජය අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන එම සහන යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ පිරිසක් මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ .
අයවැය මගින් අපනයනකරුවන් සඳහා දැනටමත් සහන ලබාදී දී ඇති බවට මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා එම හන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපති පත්කර ගැනීමත් අවුල් කරගෙන !
ලංකා විවෘත විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයකු පත්කිරීම අර්බුදයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ජාතික ජනබලවේගය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පුරප්පාඩු වන උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අත්තනෝමතික ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණු නිසා මේ අර්බුදය මතුව ඇති බවයි.
ඒ සම්බන්ධව ජාතික ජනබලවේගය පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
නව උපකුලපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මතුවී ඇති අර්බුදය පිළිබඳව ජාතික ජන බලවේගය දැඩි අවධානයෙන් සිටී. මෙම තත්වය පැන නැගී ඇත්තේ ජුනි 23 වැනි දින පුරප්පාඩු වන උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අත්තනෝමතික ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බැවිනි. 2020 මැයි 04 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ අංක 02/2020 හි නියම කර ඇති පරිදි පියවර දෙකක තේරීමේ ක්‍රියාවලියකින් පසුව මෙම කෙටි ලැයිස්තුව සකස් කරනු ලැබ තිබුණි. උත්ප්රාසාත්මක ලෙස, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික කි‍්‍රයාවෙන් ඇඟවෙන්නේ ඔහුගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ක්‍රමයක් කෙරෙහි ඔහුටම විශ්වාසයක් නොමැති බවයි. ඊට අමතරව, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් විශ්වවිද්‍යාල කවුන්සිලයේ ස්වාධිපත්‍යය සහ අධිකාරයද ප්‍රශ්න කෙරේ. ආයතනය පාලනය කිරීමේ වගකීම පැවරී ඇති ඉහළම ආයතනය ලෙස අවසාන කෙටි ලැයිස්තුව තෝරාගෙන එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන්නේ විශ්වවිද්‍යාල කවුන්සිලය විසිනි.
මෙම අත්තනෝමතික ක්‍රියාව මගින් 1978 විශ්වවිද්‍යාල පනතේ හරය උල්ලංඝනය වන අතර එහි පැහැදිලිවම සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තමා වෙත ඉදිරිපත් කරන ලද නම් තුනෙන් එකක් තෝරා ගැනීම ජනාධිපතිවරයාගේ යුතුකම බවයි. නැවත තේරීමේ ක්‍රියාවලිය නැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට ජාතික ජන බලවේගය වශයෙන් අපි සහාය දෙන අතර, අත්‍යවශ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් තවදුරටත් අර්බුදයකට ඇද වැටීමට මඟ නොසලසමින්, ස්ථාපිත පාලන මූලධර්මවලට ගරු කරන ලෙසත්, දැනටමත් පවතින කෙටි ලැයිස්තුවෙන් වහාම ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය මගින් අද පැන නැගී ඇති රටේ වැදගත් තනතුරු සඳහා පත්වීම් සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීම පිළිබිඹු කරන බව ජාතික ජන බලවේගය තවදුරටත් සඳහන් කරයි. මෙය, විධායකය විසින් වැදගත් රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට සහ ස්වාධිපත්‍යයට මැදිහත් වෙමින් ඒවා අඩපණ කරන ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් බව අපි විශ්වාස කරමු.
රට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන මෙවැනි කාලයකදී, අපගේ රාජ්‍ය ආයතන මෙහෙයවිය යුත්තේ දක්ෂ, ඉහළ සුදුසුකම් ඇති සහ දේශපාලනික වශයෙන් පක්ෂග්රාහී නොවන පුද්ගලයින් විසිනි.
කෙසේ වෙතත්, මෙම අත්තනෝමතික ප්‍රතික්ෂේප කිරීම මගින් උද්ගත වන පණිවිඩය දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එය සුදුසුකම් ලත් සහ දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ අපේක්ෂකයින් වැදගත් රාජ්‍ය තනතුරු සඳහා ඉල්ලුම් කිරීම අධෛර්යමත් කරනු ඇත. මෙබඳු ක්‍රියාවන් රට තුළ දැනට පවතින විවිධ අර්බුද විසඳීමට කිසිසේත්ම හිතකර නොවන අතර, රට තුළ අස්ථාවරත්වය සහ අවුල් සහගත හැඟීම උග්‍ර කරවයි. රජයේ ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන හා දුර්වල කරන ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අපි ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අනෙකුත් වගකිවයුතු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු.
ජාතික ජන බලවේගය
2021. ජුනි 21 දින
ගිලුණු නැව වටා විෂ රසායන තට්ටුවක් !
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ හානියට පත් බහාලුම් නෞකාව වන එම්වී එක්ස්ප්‍රස් පර්ල් හි බහාලුම වටා විෂ රසායනික තට්ටු දිස්වන බවත් ඒවා තෙල් තට්ටුදැයි පැහැදිලිනොවන නමුත් කිසියම් රසායනිකයක් බවත් පාරිසරික හා සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර අදහස් දක්වා තිබේ.
නෞකාව විනාශ වී මුහුදේ ගිළී කොටසක් මතුපිටට පෙනෙමින් තිබෙන අතර සිදුවීමෙන් අනතුරව ඉන් සාගරයට එකතු වූ විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ යාපනය දක්වා වෙරළට මිය ගිය මුහුදු ජීවින්ගේ සිරුරු මේ වනවිට ගොඩගසමින් තිබේ. මේ දක්වා කැස්බෑවුන් 50කට අධික ප්‍රමාණක්ද, ඩොල්පින්, තල්මසුන් ඇතුළු තවත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක්ද වෙරළට ගොඩගසමින් තිබේ.
“ශ්‍රී ලංකාවේ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය” මෙය බවත් පවසන සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා වැඩිදුරටත් මෙලෙස පවසයි.
“තොරතුරු හා දර්ශන වලට අනුව, රසායන කාන්දු වීමක් ඇති බව මට පෙනෙනවා. මා විශ්ලේෂණය කරන විට ජලය කොළ පැහැති කහ පැහැයට සමාන බැවින් රසායනික දූෂණයක් සේ පෙනේ. සාමාන්‍යයෙන් එවැනි පැහැයක් දිස්වන්නේ රසායනික දූෂණයක් ඇති විට පමණි මීට පෙර අපට අනාවරණය වූයේ එය ‘නයිට්‍රික් අම්ලය’ බවත්, ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීම නිසා ජලයේ එවැනි පැහැයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ය. තවත් හැකියාවක් තිබෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ විට ඇල්ගී ඇල්ගී පිහාටු වල අසමතුලිතතාවයක් පැවතිය හැකියි. තෙල් කාන්දුවක් ඇති බවට අපට 100% ක් සහතික විය නොහැකියි. මේ දක්වා ලැබී ඇති දර්ශනවල තෙල් කාන්දුවක් නොපෙන්වයි.” යනුවෙනි.
(lanka truth)
(ජායාරූපය පුවත සඳහා අන්තර්ජාලයෙන් ලබාගත්තකි. )
ලැජ්ජයි : මහ බැංකු වාර්තාවෙන් සංචිත හලයි !
රජය පසුගිය සතියේ සිට රටේ තුළ පවතින සංචිත ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ඉවත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ දිනෙන් දින ශීඝ්‍රයෙන් පහත වැටෙන මෙරට සංචිත පිළිබඳ තොරතුරු මෙලෙස සැඟවීමෙන් රටේ ආර්ථික අර්බුදය වසන් කළ නොහැකි බවයි.
‘ආණ්ඩුව ගිය සතියේ ඉඳලා සංචිත තිබෙන ප්‍රමාණය මහ බැංකු වාර්තාවේ දැන්වීමෙන් ඉවත් කරලා. ආණ්ඩුව ලැජ්ජාවිය යුතුයි. මේ විදිහට කොච්චර කල් රවට්ටන්න පුළුවන් කියලද හිතන්නේ. මැයි මාසයේ සංචිත තිබුණේ ඩොලර් මිලියන හාරදාස් දහඅටයි. එයින් රත්තරන් අයින් කළාහම ඩොලර් මිලියන තුන්දාස් පන්සීය තිහයි.
මහබැංකු වාර්තාවට අනුව ඉදිරි මාස දොළහට සංචිතවල අවශ්‍යතාවය ඩොලර් මිලියන අටදාහකට ආසන්න වෙනවා. එය රජය විසින් ගෙවිය යුතු ණය, හුවමාරු ණය සහ පෞද්ගලික අංශයෙන් ගෙවිය යුතු ණය වශයෙන්.
රජයට මේ මාසයේ ඩොලර් මිලියන දහඅටක් ගෙවන්න තියෙනවා. ජූලි ඩොලර් මිලියන එක්දාස් දෙසිය විසිඅටක්
ගෙවන්න තියෙනවා. අගෝස්තුවේදී මිලියන එකසිය පනස් අටක්. සම්පූර්ණ ඩොලර් මිලියන දෙදාස් තිස්හතරක්
තියෙනවා. ඒ ආණ්ඩුවට විතරක් ඉදිරි මාස හය සඳහා ගෙවීමට ඇති ණය පමණයි. ඉන්පසු සාමාන්‍ය ව්‍යාපෘති
ණය තිබෙනවා. ඒවායේ එකතුව ඩොලර් මිලියන දෙදාස් හයසිය තිහක් විතර වෙනවා. නමුත් අතේ තිබෙන්නේ
තුන්දාස් පන්සීය ගණනක්.’
(මව්රට )
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ගැන විශේෂ නිවේදනයක් !
ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීගෙන යාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ හේතුවෙන් එය ආසාදනයෙන් වැලකීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවර කිහිපයක් ඔවුන් නිවේදනය කරයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.
අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.
1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.
ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.
යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.
1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
2. දෑත් පිරිසිදුව තබා ගැනීම
3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා
ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.
ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.
සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.
– HPB
එහෙනම් චමල්ගේ වාරිමාර්ගත් කෘෂිකර්මයට දෙන්න : වාසු ගේමට !
කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර එහිදී වත්මන් ආණ්ඩු බලය හොබවන සන්ධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බවත් පැවසීය.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද පෙන්වාදුන් වාසුදේව අමාත්‍යවරයා විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද පැවසීය.
දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට (21) සිට LOCKDOWN…
හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 24ක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එලෙස හුදකලා කරනු ලබන ප්‍රදේශ ලැයිස්තුව පහතින්
සංචරණ සීමා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලයි
හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවද ඔවුන් පවසයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වර්තමානයේ ද දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් මෙම තීරණාත්මක මොහොතේ සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එසේ නොවුනහොත් සති තුනක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කරමින්, වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකළ කැපකිරීම ප්‍රතිඵල රහිත වනු ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර සංචාරණ සීමා ඉවත් කිරිමෙන් පසුවද ජනතාව නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන ලෙසය.
(දෙරණ)
ආණ්ඩුව අභ්‍යන්තරයේ කුමණ්ත්‍රණයක් : ශ්‍රිලනිප මහ ලේකම් අනාවරණයක් !
ආණ්ඩුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කුමණ්ත්‍රණයක් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් සැලසුමක් ඇතැයි ද පැවසූ ඔහු මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් බවද පෙන්වාදෙයි.
ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත්, තෙල් මිල ඉහළ දැමීම අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුවේ තීරණයක් බවද කී අමාත්‍යවරයා ගම්මන්පිල ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යයිද පැවසීය.
තෙල් මිළ වැඩි කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 785 ක් ගන්නද?
පොල් මිල ගැසට් පත්‍රය ඉවතට !
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) ප්‍රකාශයට පත් කර ඇත.
2020 සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.
එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.
කෙසේ වෙතත් ගැසට් පත්‍රයේ මිලට වඩා ඉතා අධික මිලකට වෙළදපොලේ පොල් අලෙවි විය.
පාසල් සිසුන්ට යහපාලනය නොමිලේ දෙන්න ගිය ටැබ් ! මේ ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට !
යහපාලන ආණ්ඩුව විසින් පාසල් සිසුවියන් වෙනුවෙන් නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට එවකට විපක්ෂයේ සිටි ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් විරුද්ධ විය.
ඒ ටැබ් භාවිතය නිසා ඇතිවන දරුණු ලෙඩ රෝග ගැන පවා බිල්ලන් මවමින්ය.
නමුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවයි.
අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය.
එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එදාා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධ වූ ගම්මන්පිල අමාත්‍යවරයා අද නිහඬය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස එදාා සිට් සියල්ලන් නිහඬය.මේ ආණ්ඩුවේ සේරම වැඩ රිවර්ස් නිසා කියන දේවල් කෙරෙයිද නැද්ද දන්නේ නැත.
නමුත් මේවා කෙරෙන්න ඕන වැඩය.
Page 443 of 446