පුවත්
රූපවාහිනියේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස හීන්කෙන්ද
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද පත් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) පෙරවරුවේ මෙම පත් කිරීම සිදු කර ඇත.
මීට පෙර ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලාංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ පත් කෙරිණි.
නව පත්තකිරීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ශ්‍රී ලාංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝලඩ් කුරේ යන අය එක්ව සිට ඇත.
කැස්බෑ මත්ස්‍ය මරණ : වාරකන් කතාව ප්‍රෝඩාවක් බව අධිකරණයේදී හෙළිවෙයි !
කැස්බෑවන් ඇතුළු මත්ස්‍ය මරණවලට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සත්ව මරණ "වාරකන් කාලය" හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් පවසා ඇත.
ජනතාව මුලුමනින්ම නොමග යවන මෙම වාරකන් කතාව ගෙන අදහස් දක්වනු දකින්න ලැබුණේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ය.
මේ අතර අධිකරණයට ඉදිරිපත් කර තිබූ දත්ත අනූව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු සහ තල් මසුන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දන්වා ඇත.
අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැඳවනු ලැබූ අතර මෙම සත්ව මරණ වලට අදාලව දිවයින පුරා පිහිටි මහේස්ත්‍රාත් අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.
මෙම ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් පැවසීය.
නමුත් අදාළ රේඩියෝ පණිවුඩ පටිගත කිරිමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන්ව ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය අවධාරණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ජූලි මස 13 වෙනිදා දක්වා කල්තැබිණ.
ඇමති ජොනී : කපුටෙක් මරා තට්ට එල්ලන්නේ මොකටද ?
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත්, එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ජුනි 29 පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින්ය.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හම්බන්තොට තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවයි.
රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති ජොනීගේ කාක් තටු උපහැරණය තර්ජනයක්ද..!
ප්‍රවාහන අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් කළ ප්‍රකාශය මේවනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්වයකට පත්ව ඇත.
කාක්කන් මරා තටු එල්ලන්නේ ඇයි…?
ජනවහරේ පැවසෙන අන්දමට කාක්කන්ගෙන් ඇතිවන කරදර හා අපහසුතා වලින් වැලකීමට කාක්කෙකු මරා තටු එල්ලන්නේ අදාල ස්ථානයට කාක්කන්ගෙන් එල්ලවන කරදර වලක්වාගනු පිණිසය.
එසේ කාක් තටු එල්ලීමෙන් එම ප්‍රදේශයට කාක්කන් නොඑනු ඇත, එල්ලා ඇති සංඥාවේ භයංකර බව එය දකින කාක්කන් වටහාගන්නා නිසාවෙනි.
එසේ නම් ඇමති ජොන්ස්ටන් ගේ මේ කපුටු ප්‍රකාශයේ තේරුම කුමක්ද ?
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.
බුකියේ බොරු දැම්මේ ඇයි සජිත් ?
ෆේස්බුක් හී අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චෝදනාවක් එල්ලවී ඇත.
මෙම චෝදනාව එල්ලකර සිටින්නේ "ජනතා නීතිඥයෝ" සංවිධානය විසිනි.
මෙසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා ලබන්නේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනුනු අවස්ථාවේ ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් 'ජනතා නීතිඥයෝ' සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.
නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ අසේල සම්පත් ජුනි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබා ගැනීම සදහා 'ජනතා නීතිඥයෝ' සංවිධානයේ සේනක පෙරේරා, මංජුල පතිරාජ, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ, ලලිත් පතිරණ යන නීතිඥවරුන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඇප නියම කළ බවයි.
ජනතා නීතිඥයෝ සංවිධානය නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.
ගෙදර මළොත් කොරෝනා පරීක්ෂණයක් නෑ : අලුත්ම චක්‍රලේඛය PHI සංගමය හෙළිකරයි !
නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂක වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුනට බලය ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජගත වීමෙන් දැඩි අවදානමක් ඇති වී තිබෙන බවයි.
මීට පෙර නිවෙස්වල මිය පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්, මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.
නව තීරණය හේතුවෙන් නිවස් වල දී මිය යන කොරෝ්නා ආසාදිත පුද්ගලයන් හේතුවෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
නිවෙස් තුළ දී මිය යන පුද්ගලයන්ට කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් එම නිවැසියන් හා ප්‍රදේශවාසීන් නිරෝධායනයට ලක්කර වෛරසය පැතිරයාම පාලනයට මෙතෙක් කටයුතු කළ ද නව දැනුම් දීම හේතුවෙන් එසේ කිරීම නොහැකිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
මීට පෙර නිවාසවල මිය ගිය බොහො දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වුවත් නව තීරණය හේතුවෙන් එම මරණ කොරෝනා මරණ ලෙස හදුනා ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.
සෙලෙන්දිව හා ලෙෂර් සමාගම්වලට රජයට අයත් දේපළ පැවරීම හෝ බදුදීම වළක්වන්නැයි පෙත්සමක්
රජය විසින් ස්ථාපිත කර ඇති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් හා සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් සමාගම්වලට, රජයට අයත් දේපළ පවරා දීම හෝ බදු දීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන්නැයි, ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.
කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව රජය මේ වන විට එම සමාගම් දෙකට රජයට හිමි හා රජයට කොටස් බහුතරයක් හිමි සමාගම් කිහිපයක් පවරා ඇති බවත්, සිය පෙත්සමෙන් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
එලෙස රජය සතු දේපළ වෙනත් සමාගම් වෙත පවරා දීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ මූල්‍ය රෙගුලාසි වලට පටහැනි බව පෙත්සමේ සඳහන් ය.
එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් වන බවත්, තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්, පෙත්සම්කරු අවධාරණය කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම, සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙස්මන්ට් සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, රජයේ විගණකාධිපති වරයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.
ලංකාවේ කොරෝනා මරණ 3000 පනියි !
කොවිඩ් මරණ 45ක් ඊයේ (28) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන තහවුරු කළේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කරන ආකාරයට එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මේ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා යමින් කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වෙයි.
සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !
ජුනි 28 වනවිට ආණ්ඩුව මුද්‍රණය කරනු ලැබූ මුලු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.
"සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්" මැයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මේ වන විට අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000 ක් බවත් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වී අදට දින 592 ක් බවත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
පරිස්සම් නොවුනොත් සති දහයෙන් ඩෙල්ටා රජවෙයි : සුදර්ශනී අනතුරු අඟවයි !
ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ, විශේෂඥයින් මේ පිළිබඳ පවසා ඇති බවය.
මේ අතර, කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් -19 වෛරසය ආසාදනය මේ වනවිටත් ගර්භණී මව්වරුන් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.
“වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවධානම පහවෙලා නෑ. අලුත් සතුරෙකුත් කැරකෙනවා.“
බැසිල් ආවත් සහන නෑ වගේ !
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමත් සමග ඉන්ධන මිල ඇතුළු මේ වන විට ඉහළ යමින් ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළීමක් හෝ සහනයක් ලැබෙණු ඇතැයි ජනතාව තුළ අපේක්ෂාවක් ඇතත් එවැන්නක් කිරීම දුෂ්කර තත්ත්වයකට රටේ ආර්ථිකය ඇදවැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථිකය වැටී ඇති තැන තේරුම් ගන්න අමුතු විශ්ලේෂණය අනවශ්‍ය බවත් එදිනෙදා ජනතාව මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව විසින් එය ජනතාවට අත්දැකීමක්ව ඇති බවයි.
එසේම මහ බැංකු අධිපති ගේ ප්‍රකාශ හරහාත් ආර්ථිකය පත්ව ඇති අසීරුතාව පැහැදිලි වන බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසයි.
ඒ අනූව ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ විදෙස් සංචිත දුර්වල වී ඇති පසුබිමේ සහන ගැන කතා කරත් සහන ලබාදීම ලේසි පහසු නොවන බවයි.
ඉන්ධන මිල අඩුකරන්න බැසිල් ඕන නෑ - කෙහෙළිය
මේ අතර ඉන්ධන මිල පහත දැමීම සඳහා බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.
අද (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවත් හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බවත්.
බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට පළවන මතයන් ආණ්ඩුවේ මතය නොවන බවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන මිල වැඩි වීමෙන් ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව ආණ්ඩුවේ සියලු දෙනා සංවේදී බවත් ඒ නිසා ඉන්ධන මිල අඩු විය යුතු බව සමස්ත ආණ්ඩුවේම අදහස බව ඔහු තවදුරටත් පැවසීය.
ආණ්ඩුව ඩොලර් මිලියන 3950 ක් ණයට ගන්න යයි !
විදේශ ආයෝජන ලෙස ණයලබා නොගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළද විශේෂයෙන්ම ණය හුවමාරු පහසුකම් යටතේ අගෝස්තු මස අවසන් වනවිට ඩොලර් මිලියන 3,950ක් එනම් රුපියල් මිලියන හත්ලක්ෂ අනූ අටදහසක් (රු.මි. 798,000) පමණ ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි ලක්ෂ්මන් අද (28) නිකුත්කර තිබෙන නිවේදනයකින් මෙම තොරතුරු හෙළි වේ. අධිපතිවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මේ වනවිට රට දරුණු විදේශ විනිමය අර්බුදයක සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාරවලට පිළිතුරු සැපයීම සඳහාය. නමුත් එම පිළිතුරු සැපයීමේදී ජූලි සහ අගෝස්තු මාස දෙක නිම වනවිට ස්වැප් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 3,950ක් ලබා ගැනීමට නියමිත බව හෙලි කර තිබේ.
ඒ අනුව චීනයෙන් ඩොලර් මිලියන 1,500ක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා අවසන්ය. ජූලි මාසයේදී බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලබා ගැනීමට නියමිතය. මුලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ ඩොලර් මිලියන 200ක් ලබාගන්නා බවය. අගෝස්තු මාසය තුළදී ඉන්දීය සංචිත බැංකුවෙන් සාක් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක්ද එරට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 1000ක්ද ලබා ගැනීමට සැලසුම් කර ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලිටන 800ක ණය ලබා ගැනීමට සූදානමින් සිටී. මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය ස්වැප් පහසුකම් යටතේ නොව මේ වසර වෙනුවෙන් එම අරමුදල ලංකාවට වෙන්කර තිබෙන කෝටාව අනුව ලබා ගන්නා බව මෙයට පෙර සඳහන් කර තිබිණි.
ස්වැප් ණය පහසුකම් යටතේ ඉහළ පොලියට ලබාගන්නා ණය පිළිබඳව පොලී අනුපාත ජනතාවට හෙළි නොකර සඟවාගෙන සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් පසුගිය සතියේ පෙන්වා දී තිබිණ. මේ අනුව ලංකාව විදේශයන්ගෙන් ලබා ගන්නා වානිජ ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ මට්ටමක පවතින බව හෙළිවී තිබේ.
Lanka truth
ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (29) උදෑසන 6.00 සිට හුදෙකලා කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත යන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය සඳහා වාර්තාවක්
විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමති අලි සබ්රි වෙත ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී භාරදී ඇත.
යල් පැනගිය නීති සංශෝධනයකර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරිණි.
=මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිතා කිරීමක් සිදුනොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබු බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත අදාළ යෝජනාවලින් ඉදිරිපත්කර ඇති තවත් වැදගත් නීතියක් ලෙස සැලකේ.
පවුල් නීති සංශෝධනය සඳහා වූ උපදේශක කමිටුවේ සාමාජිකයන් වන්නේ,
1.ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා - සභාපති
2.ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතා
3.මහාචාර්ය ශාර්යා ස්කානිවල් මහත්මිය
4.නීතීඥ චමන්තා උනම්බුව මහත්මිය
5.ආචාර්ය රමණි ජයසුන්දර මහත්මිය
6.නීතීඥ රනිල් සමරසූරිය මහතා
7.නීතීඥ එර්මිසා ටිගල් මහත්මිය
8.නීතීඥ මොක්ෂිනි ජයමාන්න මහත්මිය - කැඳවුම්කරු
9.නීතීඥ මිලානි සල්පිටිකෝරළේ මහත්මිය
10.නීතීඥ නිශාදි වික්‍රමසිංහ මෙනවිය
11.නීතීඥ ශෂේන්ද්‍ර මුදන්නායක මහතා
12.අගී සිරිවර්ධන මෙනවිය - නීති සීමාවාසික
මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ ද, ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපත=නීතීඥ මයුර ගුණවංශ සහ නීතීඥ කුෂ්ලාන් සෙනෙවිරත්න යන අය ද, අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් දිල්හාරා අමරසිංහ ද, විශේෂඥ උපදේශකවරුන් වශයෙන් ජනාධිපත නීතීඥ නිහාල් ජයමාන්න සහ ආචාර්ය තමරා හැන්ඩි ද මෙම කමිටුව වෙනුවෙන් සිය දායකත්වය සැපයා ඇත.
එකම පවුලේ තිදෙනෙක් මිය යාම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
පේරාදෙනිය යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ඉලුක්තැන්න, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍යය ඇමතිවරිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමට නියමිතය.
එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍යය ඇමතිවරියට වාර්තාවක් ලබාදීමටද නියමිතය.
මුරුතලාව පදිංචි සිරිපාල රාජපක්ෂ (71) මව වන චන්ද්‍රා රාජපක්ෂ (68) සහ පුතු ධම්මික රාජපක්ෂ (39) යන අයවලුන් කොරෝනා ආසාදිතව ඉකුත්දා මිය ගොස් තිබිණ.
නිවාස ආශ්‍රිතව කොරෝනා රෝගීන් රැකබලාගැනීමේ නව වැඩපිළිවෙලක්
නිවෙස් තුළ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළක් අද(28) ආරම්භ කෙරිණි.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙනි.
නිවාස ආශ්රිත කොරෝනා ආසාදිතයින් රැකබලා ගැනීම සිදුවන්නේ,1390 සෘජු දුරකතන අංකය ඔස්සේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනය මගින් අධීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බවය.
ඊට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 400 දෙනෙකුට අධික සංඛ්‍යාවක් දායක වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ යටතේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව රෝගීන් වර්ගීකරණය කෙරෙන අතර ඔවුන් ක්‍රමානුකූලව රෝහල්ගත කිරිමේ වැඩපිළිවෙළක් ද සකස් කර තිබේ.
නිවෙස් තුළ රඳවා ගත හැකි රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන් හා නිවෙස්වල රැඳී සිටීමේ හැකියාව යන කරුණු පදනම් කර ගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
එමගින් රෝග ලක්ෂණ ඇති අවුරුදු 60ට වැඩි සංකූලතා සහිත රෝගීන්ට හා අවදානම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි රෝගී කාණ්ඩවලට රෝහල්ගත කිරීමේදී මූලිකත්වය ලබා දීමට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
වැඩපිළිවෙළ තුළින් රෝහල් ධාරිතාව මනා කළමනාකාරීත්වයකින් යුතුව භාවිත කළ හැකි වන අතර වෛද්‍ය අවධානය වැඩිපුර අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාව ලබාදීම තුළින් මරණ සංඛ්‍යාව ද අඩුකර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා තුන්වන රැල්ලත් සමග සීඝ්රයෙන් පැතිර යන ප්‍රභේද රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් හා රෝගීන් යොමු කෙරෙන රෝහල්වල හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයවල දැඩි තදබදයක් හටගෙන තිබෙන බවය.
එම තත්ත්වය බොහෝ දුරට පාලනය කර තිබුණ ද, බස්නාහිර පළාත හා රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන දිස්ත්‍රික්කවල රෝගීන්, රෝහල්වලට යොමු කිරිමේ ප්‍රමාදයක් ඇතිවීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත්.....
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ පවසයි.
අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.
ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටකි.
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කර ඇති අතර, එසේම ඔහු ජීවත්වූ මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් පද්මරාජ පැවසීය.
මේ ආණ්ඩුවෙන් කිසිම තනතුරක් ඉල්ලා නැහැ - හිටපු ජනපති
තමන් මෙම ආණ්ඩුවේ කිසිම තනතුරක් බලාපොරොත්තු නොවන බවත් තමන් කිසිදු ඇමති ධුරයක් හෝ වෙනත් තනතුරක් ඉල්ලා නැති බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මස 06 වෙනිදා තමන් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ පිළිබදව පළවන වාර්තා ආසත්යක් බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනයක පහත සදහන් වේ.
තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN …
අද (28) උදෑසන 6 .00 සිට රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් වසමේ නොරගල්ල , නොරගල්ල ඉහළ , යක්දෙහිවත්ත, පීන්කන්දවත්ත- 1, පාතකඩ , පීන්කන්දවත්ත -3 යන ප්‍රදේශ සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ නක්කලවත්ත හා මිල්ලකැලේවත්ත අද (28) උදෑසන සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Page 438 of 444