Language Switcher

V2025

USAID සහ මම .....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මම මේ කල්පනා කලේ ඇමෙරිකන් සංවර්ධන ඒජන්සි (USAID) එකෙන් සල්ලි ගත්ත කියල කියන සෙට් එක ගැන. දැන් ලිස්ට් දෙකක් තියනවා කියල කියනවා.

ඇත්තටම මේ ලිස්ට් ඇත්තද නැද්ද කියල මම දන්නේ නැහැ වගේම ඒකෙ නම් ගොඩක් වෙලාවට තම තමන්ගේ දේශපාලන ලැදියාව එක්ක එඩිට් වෙමින් පවතිනවා කියල පේනවා. ඒ නිසා ලිස්ට් එක ගැන ලොකු දෙයක් කියන්න බැරි උනත් පොදුවේ කියන්න පුළුවන් දෙයක් තියනවා.

පොදුවේ ගත්තම මේ ලිස්ට්වල ඉන්නවා කියන චරිත ගත්තම එයාලගේ දිශාභිමුඛය (orientation) සහ ලයිෆ් ස්ටයිල් (life style) එක පදනම් කරගෙන කියන්න පුළුවන් එයාලට ඇමෙරිකන් ලැදියාවක් තිබ්බද නැද්ද කියන එක. ඒකත් නෙවෙයි මෙතන ප්‍රශ්නේ.

මම බැලුවේ ඇමෙරිකාව වේවා එංගලන්තෙ වේවා ජපානේ වේවා චීනේ වේවා ඉන්දියාව වේවා මොනම රටක් හරි වෙනත් රටකට මොනවා හරි මුදලක් දෙනවා නම් ඒ තමන්ගේ රටේ ශ්‍රේෂ්ටත්වය, පරිණාමය, වටිනාකම්, දර්ශනය, සංස්කෘතිය වගේ මොන මොනවා හරි ඔසවා තබන්න නේද? ගංවතුර ආධාරයක් දුන්න උනත් තමන්ගේ රටේ ත්‍යාගශීලි බව කාරුණික බව පෙන්නන්න නේද ඒ මුදල් දෙන්නේ? නැතුව නිකම් සල්ලි දෙන්න කාටවත් කොහේවත් අමාරුවක් නැහැනේ...

මම කියන්නේ රෙජීම් චේන්ජ් එකකට සල්ලි දුන්න උනත් ඒකෙනුත් තමන්ගේ රටේ නමට යම් ගෞරවයක් එන්න ඕනි.

ඔය වගේම සංවර්ධන ආධාර ලබාදෙන ආයතන සහ රටවල් ගත්තම දෙන අය වගේම ගන්න අයත් මේ මුදල් ගැන සවිඥාණිකයි. විශේෂයෙන් ලෝක බැංකුව වගේ තැනකින් ආධාරයක් හම්බ වුනොත් අපි ඒ ආධාර වලින් ගත්ත බඩුවල නැත්නම් ගොඩනැගිල්ලේ අදාල පරිත්‍යාගය කරපු කෙනාගේ හෝ ඒජන්සියේ නම පවා ගහනවා. ස්තුති කරනවා.

දැන් මේ සල්ලි ගත්ත ලිස්ට් එකේ අයගේ එහෙම ඇමෙරිකාව සෘජුව ප්‍රොමෝට් කරන ගතියකට වඩා තියෙන්නේ යම්කිසි 'ගල්ටික්' ගතියක් (meticuluous nature). සූක්ෂම ගතියක්.

දැන් එහෙම ගත්තොත් ඔය කියන ඇමෙරිකන් සංස්කෘතිය, දර්ශනය, ලයිෆ් ස්ටයිල් එක, රොක්, පොප්, බ්ලුස්, එල්විස් ප්‍රෙස්ලි, ස්ප්‍රින්ස්ටීන්, ජැක්සන්, කොකාකෝලා, සෙක්ස්, ඇමෙරිකාවට ගිය සෙන් - ජපන් හිස්බව, ඇමෙරිකන් සිහිනය, ගැට්ස්බි, ෆිල්ම්, ටැරන්ටිනෝ වගේ හැම මගුලක්ම පහුගිය අවුරුදු දහය පහළොවේ (හෝ ඊටත් වැඩියෙන්) කතාකරපු මට එක ඩොලර් පිච්චියක් හම්බවෙලා නැහැ. ඒ වගේම මටත් වඩා කතාකරපු අයටත් නැහැ. වෙන හිඟන්නෝ සෙට් එකකට තමයි මුං සල්ලි පොම්ප කරලා තියෙන්නේ. පොඩ්ඩක් නෙවෙයි මිලයන ගණන්.

පොදුවේ ගත්තම මුං සෙට් එක කරලා තියෙන්නේ ගල් කපන එකයි ආප්ප බාන එකයි විතරයි. ට්‍රම්ප්ගේම දේශපාලන නිරවද්‍ය නොවන විදියට කිව්වොත්. යකෝ ඇමෙරිකාව කියන්නේ මම අදටත් හිතන විදියට ශ්‍රේෂ්ට රටක්. ලොකු නූතන උරුමයක්. හැම පැත්තෙන්ම දැවැන්තයෙක්. ගල් කපන එකයි ආප්ප බාන එකයි විතරක් කරපු රටක් නෙවෙයි. ඒක විතරක් කරලා ඔය තැනට එන්න බැහැ.

කෙසේ හෝ වේවා මේ සල්ලි දුන්න එවුනුත් තේරුමක් ඇති එවුන් නෙවෙයි. ගත්ත එවුනුත් වැඩක් ඇති එවුන් නෙවෙයි. මම කියන්නේ රෙජීම් චේන්ජ් වගේ කතාවක් ගැන නෙවෙයි.

මංගල සමරවීර විතරයි මේකේ ව්‍යතිරේකයක් වෙන්නේ. ඇමෙරිකානු වේවා හෝ නොවේවා පොර යම් මතයක් හදන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වෙනුවෙන් රුපියලක් හරි දුන්න කෙනෙක්.

ඒ නිසා ට්‍රම්ප් කරපු දේ ඉතාම නිවැරදියි. සත පහකට වැඩක් නැති කඩයක් තමයි වහලදාල තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි තමන්ගේ රට වචනයකින්වත් ප්‍රමෝට් නොකරපු කිසිම වැඩක් නැති සෙට් එකකට සල්ලි යන එක නතර කිරීම මම හිතන්නේ ඇත්ත ඇමෙරිකන් බවක්. ට්‍රම්ප් ඒ අනුව ඇත්තම ඇමෙරිකානුවෙක්.

ඇමෙරිකන් ලයිෆ් ස්ටයිල් එක සංස්කෘතිය ප්‍රමෝට් කරපු අපි ඉණට අත්දෙක තියාන.

(මේ සටහන එක පාරක් පෝස්ට් කරලා පස්සේ අයින් කරලා ඔන්න ආයිත් දැම්ම).

Mahesh Hapugoda
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)