දේශපාලන විඥානවාදයේ political idealism මූලික සංලක්ෂිතයක් point of departure වන්නේ "මම" වටා ලෝකය ගොඩ නැගී ඇති බවයි. නැත්නම් "I" යනු මූලික දාර්ශනික මූලධර්මයයි. නමුත් භෞතිකවාදීන්ට අනුව "සැබෑ" දර්ශනය ඇරඹිය යුත්තේ "මම" සහ "ඔබ" යන දෙපාර්ශවයම සමගය. එවැනි මූලික එළඹුමක් හරහා පමණක් "සිතීම" සහ "සත්ථාව" අතර නැතිනම් වස්තුව object සහ පුද්ගල විෂය subject අතර පවතින සබදතාව පිළිබද නියම අවබෝධයකට එළඹිය හැකි බවට එම දර්ශනය විශ්වාස කරයි. මම මා හට "මම ම" වන විට මම යනු අනෙකාගේ "ඔබය'.
එම නිසා මම subject සහ object යන දෙවර්ගයටම එකවර අයිති වෙයි. උදාහරණ ලෙස මම දමන post වලට ජවිපෙ හිතවතා දක්වන ප්රතිචාර තුළ මම සහ ජවිපෙ දකින මම අතර වන ගොඩ නැගීම පවතී. එසේම මම යනුවෙන් පවතින යම් දෙයක් ජවිපෙ දකින මාගෙන් වෙනස්ව පවතී. මගේ ශරීරය මගේ එක සාරයක් විය හැක. නමුත් සතුරු මිතුරු ප්රතිපාර්ශවීය දේශපාලනය තුළ අනෙකාගේ ශරීරය යනු විනාශ කළ හැකි ද්රව්‍යයක් පමණි. මම යනුවෙන් සැබැවින්ම සිතන්නෙ වියුක්ත වස්තුවක් නොව මගේ ශරීරයයි. ශරීරය මගේ සැබෑ සත්ථාව being වෙයි.
මෙය විඥානවාදයට පරස්පර සිතීමකි. එම සිතීමට අනුව සැබෑ සහ භෞතික සත්ථාවක් යනු subject ය, එහි අඛ්‍යාතය predicate වන්නේ සිතීමයි. මෙහිදී අපට මෙම චින්තනධාරාවන් දෙක අතර පවතින පරස්පරතාව හමුවෙයි. (Plekhanov 1969 ඇසුරින්).
ජවිපෙ පාක්ෂිකයා, හිතවතා ලෝකය දකින්නෙ ජවිපෙමය ශරීරයක සිටය. නමුත් ඔහුගේ සැබෑ සිතීම සැකසී ඇත්තේ ලිබරල් ප්රජාතන්ත්රවාදි පරිසරයක දීය. එම ලිබරල් මම යනු ඔවුන්ගේ සැබෑ සත්ථාව සාදන ශරීරයේ සාරයකි. සමාජවාදී මම යනු ජවිපෙ හිතවතාට පරභාහිර මම හරහා ලැබෙන සත්ථාවකි. එම නිසා ලිබරල් ශරීරවලට සමාජවාදී මම බැස්සවීම ට යාමේ දී ජවිපෙ හිතවතා නිතරම සැබෑ සමාජවාදී මම සහ ඔබගෙන් වියුක්තය. සැබවින්ම ඉන් බිහිවන්නේ ෆැසිස්ට්වාදී subject නැත්නම් මමය.
Athulasiri Samarakoon ගේ ෆේස්බුක් ගිනුමෙනි