16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට පස්වරු 4.00ට පැවැත්වීට කටයුතු යොදා ඇත.
එම උත්සව අවස්ථාවේ ප්රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට නියමිතය.
එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්රියාත්මක කරනු ලබයි.
එම අවස්ථාවට යුද සමයේ ත්රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.
මෙම ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ප්රධාන අරමුණ ලෙස දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන් සදහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීමයි.