Language Switcher

V2025

සීතා රංජනී අභාවප්‍රාප්ත වේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.

ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ.

දේහය හෙට සිට මඩගම්මන පාර කටුකැලියාව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු අනිද්දා අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිත වෙයි.