Language Switcher

Ad

Ad 01

V2025

ජන හා නිවාස සංගණනය අද (07) සිට ගෙයින් ගෙට

2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව පුද්ගලයන් සහ නිවාස වල තොරතුරු එක්රැස් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනෝජා සෙනෙවිරත්න පැවසුවාය.

මෙම සංගණනයට අදාළව අන්තර්ජාලයේ භාවිතයෙන් තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව හිමිවූ අතර එම කාලය පසුගිය හයවෙනිදා මධ්‍යම රාත්‍රි දොළහෙන් අවසන් විය.

ඒ අනුව අද (07) සිට ක්ෂේත්‍රයේ තොරතුරු එක් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

සංගණන ආඥා පනතේ විධිවිධාන අනුව සියලු පුරවැසියන් තොරතුරු ලබාදීමට බැඳී සිටිති.

තොරතුර රහස්‍යභාවය ආරක්ෂා කිරීමට තොරතුරු ලබාගන්නා සංගණන නිලධාරින් බැඳී සිටිති.

ජන හා නිවාස සංයලනයේ මූලික අදියරේදී ගෘහ ඒකක මිලියන 8.3ක ලේබල් අලවා ඇත. මෙම ගෘහ ඒකක මිලියන 8.3 අතරින් 80.7% නිවාස ඒකක ලෙස හඳුනාගෙන ඇත. 2012 වසරේ ජන හා නිවාස සංගණනයට අනුව එය සියයට දොළහක පමණ වැඩිවීමකි.

මීට පෙර ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වර්ෂය වන අතර ඊට වසර දොළහකට පසු මෙම සංගණනය පැවැත්වේ.

රටක ජනගහන ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කිරීමට ජන හා නිවාස සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු අත්‍යවශ්‍ය බව ඇය පැවසුවාය.

එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රතිපත්ති සැලසුම් කිරීමට මෙම තොරතුරු භාවිතා කළ හැකිය.