රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඡන්ද පොරොන්දු ඇතුළත් හුදු ලියවිල්ලක් නොවන බවත් ඊට මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇති බැවින් එම ප්‍රතිලාභය ලැබීමට තවත් තිබෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට යෝජනා ඉදිරිපත් වූ නමුත් රාජ්‍ය සේවක වැටුප නිශ්චිත බැවින් එය කිසි සේත් කප්පාදු නොකළ යුතු බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළ බවත්ඔහු සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදීය.
විරුද්ධ පාර්ශ්ව කුමන චෝදනා එල්ල කළත් ආර්ථික වශයෙන් දුෂ්කරම අවස්ථාවේ පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක් ලබා දෙමින් සහනයක් සැලසීමට කටයුතු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේද පැවසීය
මේ රට ආර්ථික ආර්බුදයකට මුහුණ දුන් 2022 වසර වන විට රාජ්‍ය සේවකයින් දහතුන් ලක්ෂ අසූ දහසක් සිටියා. එම සංඛ්‍යාව සඳහා වැටුප් බිල රුපියල් බිලියන 95ක් වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වන විට රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුණා. ඒ අනුව එම ගැටළුව විසඳා ගැනීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබුණා.
ඉන් එක් යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරීමයි. නමුත් ජනාධිපතිතුමා එය දැඩි සේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසු දෙවතාවකට වැටුප් ගෙවීම් සිදු කරමින් මාස දෙක තුනක් තත්ත්වය කළමණාකරණය කර ගනු ලැබුවා. ඒ අනුව නියමිත දිනයේදී සාමාන්‍ය සේවකයින්ටත්, ඊළඟ සතියේ විධායක ශ්‍රේණියටත් වැටුප් ගෙවනු ලැබුවා. එවන් කාලයක් පසු කළ බව අද ඇතැමුන්ට අමතකයි.
2023 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවේදීත් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි විය යුතු බවට සඳහන් කළා. නමුත් ඒ අවස්ථාවේ සුබවාදී පිළිතුරක් ලබා දීමට හැකියාවක් මහා භාණ්ඩාගාරයට තිබුණේ නැහැ. නමුත් මෙවන් ආර්ථික අර්බුදයක් හමුවේ පීඩාවට පත්වන පිරිස අතර ප්‍රධානතම කණ්ඩායම නිශ්චිත ආදායමක් ලබන රාජ්‍ය සේවකයින් බව ජනාධිපතිතුමා නිතරම පෙන්වා දුන්නා. ඒ අනුව ලැබුණ පළවෙනි අවස්ථාවේදීම රාජ්‍ය සේවකයින් ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. එමඟින් මහා භාණ්ඩාගාරයේ මාසික වැය බර රුපියල් බිලියන 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා. නමුත් ජනාධිපතිතුමාගේ අදහස වුණේ එම වැටුප් වැඩි වීමද ප්‍රමාණවත් නොවන බවයි.
ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය, විශ්‍රාම වැටුප් විෂමතාව වගේම ඵලදායීතාව ඉහළ නැංවීම යන කරුණු රාජ්‍ය සේවයේ පවතින කඩිනම් විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න ලෙස හඳුනා ගෙන තිබුණා. ඒ අනුව මෙම ගැටළු පිළිබඳ සොයා බලා ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උදය ආර්. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම මෙම සාමාජියන් 10 දෙනාගෙන් තුන් දෙනෙක්ම පෞද්ගලික අංශය නියෝජනය කිරීමද විශේෂත්වයක් වන බව පෙන්වා දිය යුතුයි.
මෙම කමිටුව විසින් ලබා දුන් අතුරු වාර්තාවේ නිර්දේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී නිර්දේශ 18ක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. රාජ්‍ය සේවයට සෘජුව බලපාන වැදගත් නිර්දේශ රැසක් ඊට ඇතුළත් වුණා.
ඒ අනුව 2025 පාදක වර්ෂය ලෙස සළකා රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීම, අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50% දක්වා වැඩි කිරීමත්, ඒ මත ඔවුන්ගේ අවම වැටුප රුපියල් පනස් පන් දහස දක්වා වැඩි කිරීමත් මෙහි ප්‍රධාන නිර්දේශ වුණා. ඒ වගේම මෙම වැඩි වීම ව්‍යාපාරික රාජ්‍ය සමාගම් සහ බැංකු හැර අන් සියළු රාජ්‍ය ආයතන සඳහා ක්‍රියාත්ම කිරීමද, රාජ්‍ය අංශයේ සියලු සේවකයින් හා විශ්‍රාමිකයින් ඇතුළත්ව මාසිකව රුපියල් දහසක මාසික දායකත්වයක් සහිත පූර්ණ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද නිර්දේශ කර තිබුණා. එසේම 2020 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමද නිර්දේශවල ඇතුළත් වෙනවා. මේ සියළු නිර්දේශ 2025 වර්ෂයේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා.
මෙය රජය සහතික වූ වැඩපිළිවෙළක් මිස නිකන් ලියවිල්ලක් නොවෙයි. මෙම ප්‍රතිලාභ ලැබීමට නම් තවත් තිබෙන්නේ 2025 වසරේ ජනවාරි 01 වෙනිදා වීම පමණයි. ඒ වගේම මෙය මෙරට රාජ්‍ය සේවකයින්ට කාලයකට පසු ලැබුණු විශාල ප්‍රතිලාභයක් බව කිව යුතුයි. මෙය මැතිවරණය ඉලක්ක කර සිදු කළ දෙයක් බවට කෙනෙක් මෙය ලඝු කරනවා නම් එය පදනම් විරහිත බව කිව යුතුයි. ඒ වගේම ඉතා අසීරු කාලයක් තුළ පවා රුපියල් දස දහසක් ලබා දී අපි රාජ්‍ය සේවයකයන්ට සළකන බවට සංඥාවක් ලබා දුන් රජයක් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
මේ අතර අප විසින් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දෙන අවම වැටුප වන රුපියල් පනස් පන් දහස වෙනුවට රුපියල් පනස් හත් දහසක් ලබා දෙන බව සමගි ජනබලවේගය පක්ෂය ප්‍රකාශ කරනවා. ඒක නම් සාමාන්‍ය දේශපාලනික කතාවක් බව කිව හැකියි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව නැතත් මාස 6කට වරක් ජීවන වියදම අනුව ජීවන වියදම් දීමනාව වැඩි කරන බව කිහිප තැනකම ප්‍රකාශ කරනවා දැක්කා. ඒ අනුව සෑම මාස 6කට වරක්ම ඔවුන් අයවැයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එසේත් නැත්නම් විසර්ජන පනත වෙනස් කළ යුතුයි. නමුත් වැදගත්ම දේ අපි රුපියල් 10,000 ක් වැඩි කරන විට ඔවුන් කිව්වා රුපියල් 20,000ක් ලබා දෙනවා කියලා. ඒ ගැන දැන් කිසිම කතාවක් නැහැ.
රජ්‍ය සේවකයාට මෙම ප්‍රතිලාභ ලැබෙන අතරම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, බඳවා ගැනීමේ ක්‍රමවේදය වඩාත් ක්‍රමාණුකූලව සිදු කිරීම පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. එය අගෝස්තු මාසයේ 12 වෙනිදා කැබිනට් මණ්ඩලය අනුමත කර, විධායකය අනුමත කළ වැඩපිළිවෙළක් බවට පත් කර තිබෙනවා. මේ ගැන අධ්‍යයනය කර කටයුතු කිරීමට රාජ්‍ය සේවකයාට හැකියාව තිබෙනවා.