Language Switcher

Ad

Ad 01

V2025

ලබන ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්නගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

ඒ අනුව,

  • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා.
  • රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා.
  • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා.
  • කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා.
  • සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා.
  • විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා.
  • හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා.
  • විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා.
  • ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා.
  • පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා.
  • ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා.
  • පරිපාලන සේවය සඳහා රු.28,885 ක්.
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්.
  • ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්.
  • වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා.
  • වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර.
  • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ.

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.