වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිටම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තිය සංගම කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වෙයි.
දුම්රිය ස්ථානාධිපති සංගමය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධන ගුණවර්ධන අතර අද (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් වර්ජනයේ යෙදුණු නිලධාරින් සේවයෙන් ඉවත් කරන ලෙස යොමු කරන ලද ලිපි ආපසු කැඳවන ලෙසද වෘත්තිය සංගම් ද අමාත්‍යවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රි දොළහ වන විට සේවයට වාර්තා කරන නිලධාරීන් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට ද අමාත්‍යවරයා එහිදී වාචිකව දැනුම්දී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.