Language Switcher

Ad

Ad 01

V2025

සහන පොළිය යටතේ විශේෂ ණය ක්‍රම කිහිපයක්

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

එම ණය යෝජනා ක්‍රම මෙරට  කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙන අතර, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මේ පිළිබද අදහස් දක්වමින් පැවසූවේ, විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.