මැයි 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්රියාකරනු ඇත.
ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
මේ සම්බන්ධව වන රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.