අහිතකර ක්ශුද්‍ර ජීවීන් සහිත බවට මෙරට දී දෙවරක් තහවුරු වූ චීන පොහොර තොගය තෙවැනි පාර්ශ්වයකින් නැවත පරීක්ෂණයක් කිරීමට ලංකාව එකඟවී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් පවසා ඇත.
තානාපතිවරයා මේ බව පැවසුවේ, අද (14) පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් පසුවය.
කෙසේ වුවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ පොහොර තොගය මෙරට ගොඩබෑමට ඉඩ නොදෙන බවය.