ගොසිප්
ප්‍රසිද්ධ රැප් ගායකයාට වසර 12ක සිරදඬුවමක් !
තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයකු වන MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට 2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ එක්ව 23 හැවිරිදි ලොයික් කේ නම් තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය ඔහුට මෙම දඬුවම ලබා දී ඇත.
එහිදී මොහොමඩ් සිල්ලා විසින් එම පුද්ගලයාව සිය මෝටර් රථයෙන් හප්පා බිම දමා පසුව තවත් දෙළොස් දෙනෙකු සමඟ එකතුව පහර දී තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය.
කෙසේ වෙතත් ඔහු අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ, තමන් නිර්දෝෂී බවත් තමා එම ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවත්ය.
ඔහු පවසා ඇත්තේ, මෙම නඩුව කටකතා මත පදනම්ව ගොනුකර ඇති බවය.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදු වූ අවස්ථාවේ දී එය ප්‍රදේශවාසියෙකු විසින් රූගත කර ඇති අතර මොහොමඩ් සිල්ලාගේ මෝටර් රථය එහි පටිගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එමෙන්ම එම විඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ තොරතුරු අනුව, මොහොමඩ් සිල්ලාගේ කොණ්ඩ මොස්තරය සහ ඇඳ සිටි ඇඳුමින් ද ඔහු එම ස්ථානයේ සිට ඇති බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ තවත් පස් දෙනෙකුට වසර 10ත් 18ත් අතර සිරදඬුවම් ද ලබා දී ඇති අතර තවත් තිදෙනෙකුව නිදොස් කොට නිදහස් කර ඇත.
මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් සිල්ලා, රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ වීමට පෙර පැරිසියේ පීසා බෙදා හැරීමේ රැකියාවක් සිදුකර ඇති බව සඳහන් වේ.
ජාත්‍යන්තර රූ රැජින තරගයට බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලාංකික සම්භවය ඇති තරුණියක් !
හැට වැනි වරටත් පැවැත්වෙන ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක්ද සහභාගි විය. එක්සත් රාජධානිය නියෝජනය කරමින් මෙම තරගය සඳහා ඉදිරිපත් වූ ඇය නමින් එවන්ජලීන් ෆ්රාන්සියා ය.
2015 දී මහා බ්‍රිතාන්‍යයේ Miss Inspiration ලෙසත්, 2015 දී London අවුරුදු කුමරිය ලෙසත්, 2017 දී Miss Teen Great Britain තරගයේ පළමු අනුශූරිය ලෙසත්, 2021/ 2022 දී මහා බ්‍රිතාන්‍ය රෑ රුජින ලෙසත් ජයගත් ඇයගේ ගමන ආරම්භ වූයේ වයස අවුරුදු 15 දීය.
එක්සත් රාජධානියේ පුණ්‍ය ආයතන රැසක කටයුතු කරන ඇය ශ්‍රී ලංකාව තුළ ද බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති තැනැත්තියකි. මෙවර ජපානයේ තෝකියෝ නුවරදී පැවැති මෙම තරගය සඳහා ලොව රටවල් 80කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.
මැඩෝනා රෝහලේ !
ලොව ජනප්‍රියම ගායිකාවක වන මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
ඒ හේතුවෙන් ඇය සංවිධානය කර තිබූ ලොව වටා සංචාරය කල්දමා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවන මැඩෝනා ගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වීමට දින කිහිපයක් ගතවනු ඇති බවද සඳහන් වෙයි.
මෙසී සමුගනියි !
ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.
ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවයි.
ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 18 වැනිදාය.
මීළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය 3ට 0ක් ලෙස ජය ගෙනෙමින් මෙසී දැක්වූ විශිෂ්ට ක්‍රීඩා රටාව සමග ලෝකයේම අවධානය සුපිරි ක්‍රීඩක මෙසී වෙත යොමුවිය.
යයි කියලා සැක හැමෝටම ගහන : සජබ තීන්දුවෙන් එරාන් දුක්වෙයි !
සමගි ජනබලවේගය පක්ෂයට හිතවාදී මාධ්‍ය විසින් තමන්ව රනිල් හිතවාදියකු ලෙස නම්කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න බලවත් කණගාටුවෙන් පසුවන බව ඔහුට සමීප ආරංචිමාර්ග පවසයි.
තමන් කිසිම ආකාරයකට සජබ අත්හැර රාජපක්ෂ කඳවුරේ සහයෙන් පවත්වාගෙන ආණ්ඩුවකට නොයන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත්කර තිබියදී තම පක්ෂයටම හිතවත් මාධ්‍ය මේ ආකාරයට තමන්වද ඉලක්කයක් කර ගැනීම පසුපස ඇත්තේ තම කීර්ති නාමය පළුදු කිරීමේ බාල දේශපාලන උත්සාහයක්ද යන්න ගැන මන්ත්‍රීවරයා සැකකරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දිගින් දිගටම මෙවැනි කටයුතු සිදුවන්නේ නම් තමන්ටද දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව මන්ත්‍රීවරයා පවසා ඇතැයිද දැනගන්නට ඇත.
ආර්යාවයි - මාධ්‍ය කෙරුමෙක් සහ මිතුරු සමාගමේ වැඩක් !
මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වනු ඇතැයි මේ වන විටත් සැකසංකා පහළව ඇති මන්ත්‍රීවරුන් ඉලක්ක කර සජබ හිතවාදී මාධ්‍ය විසින් දියත්කර තිබෙන මාධ්‍ය මෙහෙයුම ආර්යාව, සජබ මාධ්‍ය ප්‍රධානියකු සහ පක්ෂ නායකයාගේ හිතමිතුරන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත ක්‍රියාවට නැගුවක් බවයි.
ඒ වෙනුවෙන් මේ වන විට යෝදාගනෙමින් තිබෙන්නේ අදාළ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා ගේ ආර්ථික ප්‍රතිපත්තිය අගයමින් සිදුකළ ප්රකාශයන්ය.
ඒ සම්බන්ධව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් උපුටා ගැනීමක්ද සිදුකරනු දකින්නට ඇති අතර ආසන්නම උදාහරණයක් වන්නේ පසුගිය දිනක "රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම කතාවක් කිරීමෙන් පසු හර්ෂ-එරාන්-කබීර්-රාජිත වැනි මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ගෙන බැලීමේදී එකම කතාවක් සිදු කර ඇති බව" ට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක්ය.
මේ සියලු දෙනාටම ඇමැති සැප නැතිව විපක්ෂයේ සිටිය නොහැකි බවද එහිදී නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා පවසන අතර සජබ හිතවාදී මාධ්‍ය එම කොටස් පමණක් උපුටා දක්වමින් මෙසේ පුවත් නිර්මාණය කර ඇත.
හොඳට බලපන්, ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක් !
විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.
ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.
අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.
එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.
තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ''මේ හලෝ, පේන්නේ නැද්ද...ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා''.
මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පේන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.
විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.
ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.
තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ''ඕයි...ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?''
විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.
තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.
මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ''උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ... දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං''.
ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය...ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.
ක්‍රිකට් ලොව පිස්සු වට්ටපු IPL හඳුන්වාදුන් Impact Player !
මේ වන විට ආරම්භ වී ඇති 2023 IPL තරගාවලිය සඳහා නවතම නීතියක් හඳුන්වා දී තිබේ.
ඒ, Impact Player හෙවත් වඩා ත් බලපෑම්සහගත ක්‍රීඩකයාගේ නීතිය යි.
මෙම නව හඳුන්වා දීම ගැන ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙම විශේෂ ක්‍රීඩකයා සම්බන්ධ නීති මොනවා ද?
මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ප්‍රධාන කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කළ හැකි අතර ඉන් එක් ක්‍රීඩකයෙකු Impact Player ලෙස නම් කෙරේ.
ඔහු නම් කෙරෙන්නේ, කාසියේ වාසිය තෝරා ගැනීමෙන් අනතුරුව ය.
තණතීරුවේ තත්ත්වය, ප්‍රතිවාදී කණ්ඩායමේ සංයුතිය ආදී කරුණු සලකා බලා Impact Player නම් කළ හැකි ය.
තරගය ආරම්භ වීමට පෙර, පන්දු වාරයක් අවසානයේදී සහ ඉනිමක් ආරම්භ වීමට පෙර එම විශේෂ ක්‍රීඩකයා පිටියට කැඳවිය හැකි ය.
කෙසේ වෙතත්, විදෙස් ක්‍රීඩකයින් 4 දෙනා ම කණ්ඩායමට ඇතුළත් කර ඇති අවස්ථාවකදී Impact Player ලෙස නම් කළ හැක්කේ, ඉන්දීය ක්‍රීඩකයෙකු පමණි.
එම ක්‍රීඩකයා කැඳවීම සඳහා කණ්ඩායමේ වෙනත් ක්‍රීඩකයෙකු ඉවත් කළ යුතු ය.
එලෙස ඉවත් කෙරෙන ක්‍රීඩකයා නැවත ක්‍රීඩා කිරීම සඳහා පිටියට කැඳවීමක් සිදු නොකෙරේ.
Impact Player ලෙස නම් කෙරෙන ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට සහ පන්දු යැවීමට ද අවස්ථාව හිමි වේ.
BTS හමුදා සේවයට !
ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය.
ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක් ඔහුට සංගීත ක්ෂේත්රයෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි.
2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය ය.
කිං ඛාන් ලෝක බලවතුන් අතර බලවතා වෙයි !
ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබන අතර 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත.
මෙවර ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටියත් ඒ සියලු දෙනා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇත.
ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබා ගෙන ඇත.
දෙවන ස්ථානය සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක් හිමි කර ගෙන තිබේ.
තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 1.9 කි.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය : ඈනී ඉරැනෝව්ට !
මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය.
ඒ ඇය ඇගේපෞද්ගලික අත්දැකීම් ද ඇසුරින්, ඉතා සරලව, ජීවිතය, පංති භේදය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබද ලියූ නිර්මාණ ඇගයීමට ලක් කරමිනි.
82 හැවිරිදි ඈනී ඉරැනෝව් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ නොබෙල් සාහිත්‍ය තෑග්ග තමන්ට හිමිවීම තමන් ලැබූ ගෞරවයක් බවය.
ඈනී ඉරැනෝව් රචනා කළ පොත් 20 කට වැඩිය. ඒවායින් වැඩි ගණනක් ප්‍රංශ පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් වී තිබේ.
වනිදුට සුබ මංගලම් !
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විවාහ දිවියට ඇතුලත්ව තිබේ.
ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත් වී ඇත.
20-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දුයවන්නා ලෙසත් වනිදු හසරංග මේ වන විට නම් කර ඇත .
එන්න සේද පාරේ !
ලක් අරගල දිනුවේ කවදා ද?
අපි දශක ගානක් තිස්සේ පරදින්නේ ඇයි?
ඇස් ඉදිරිපිට පේන හේතු දෙකයි!
එකක් ඉංග්‍රීසි උගත් ප්‍රභූ නායකත්වයේ සටකපට ඥානය.
අනික ඉංග්‍රීසි නූගත් අරගලකරුවන්ගේ ගොන්කම.
1953නේ හර්තාලය පරාදයි. - 1956යේ බන්ඩාරනායක අගමැති
1971කේ කැරැල්ල පරාදයි - 1977තේ ජේ.ආර් අගමැති, 1978ටේ ජනපති.
1980 ජූලි වැඩවර්ජනය පරාදයි - 1982කේ ජේ.ආර්.ආයෙමත් ජනපති
1988-89 ජවිපෙ කරරැල්ල පරාදයි - 1994 චන්ද්‍රිකා ජනපති
2022 අරගලයේ පළමු අදියර පරාදයි - ඒ වසරෙම රනිල් අගමැති
2022 අරගලයේ දෙවෙනි මහා අදියරත් පරාදයි - ඒ වසරෙම රනිල් ජනපති.
හැම අරගලයකින් ම පස්සෙ,
ධනේෂවර නායකයෙක් තමයි පල නෙලන් තියෙන්නේ.
ඉංග්‍රීසි නූගත් ගැමියන්ට කොහේ හරි වැරදිලා.
ඒ හින්දා 2024වත් ජවිපෙන් ජනාධිපති කෙනෙක් දිනවන්න
නගර සංස්කෘතිය තුළ පක්ෂය ප්‍රතිසංවිධානය කරහල්ලා.
ආස ම නම්, මේව නාහා, ඒ පාරත් කෙලවම ගනිල්ලාල, දශක ගාණක පුරුද්දනේ!
උදව්වට කතා කරන එවුන්ටත් -පොර ටොක් දාල වැඩක් නෑ!
- අරවින්ද
පරාජයට හේතු දක්වන්න : ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝගයක් !
ඉන්දීය කණ්ඩායමට එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර ඇත.
කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස්වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.
තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.
ලංකාවට ඓතිහාසික ජයක් !
වසර 30 කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව අද (21) සමත්විය.
ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි තරග පහකින් සමන්විත එක් දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම සමගය.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.
පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාව ලකුණු 258ක් ලබාගන්නා විට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ශතකයක් වාර්තා කළේය.
අනතුරුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගන්නට හැකි වූයේ ලකුණු 254ක් පමණි.
ඉන්දීය ජනප්‍රිය නිලියකගේ සැක සහිත මරනයක් !
ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සිය දිවි නසා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු කළ රූගත කිරීමකට සහභාගි වී සිටින අතරතුර ඊයේ ( 24) ඇය සිය දිවි නසා ගෙන ඇත.
කෙසේ වුවත් පොලිසිය සඳහන් කර සිටින්නේ , ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යැයි නිසි ලෙස දැන ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය.
රූගත කිරීම් අතරතුර ඇය වැසිකිළියට ගොස් ඇති අතර බොහෝ වේලාවකින් ඉන් එළියට පැමිණ නැත.
එහිදී දොර කඩා විවෘත කර බලන විට ඇය එහි තුළ සිට තිබේ.
එහි සිටි පිරිස ඇයව වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
20 හැවිරිදි වියේ පසු වූ ඇය ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
ලියෝනි කොතලාවල : දිවි සැරිය නිම කරයි !
ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද (19) සිය දිවි සැරිය නිම කළාය.
1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.
චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූවාය.
සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වූවාය.
මෙසී සමුගැනීම කල්දාලා !
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී උපුටා දක්වමින් ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර ඇත .
ඊට අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් මෙසී පවසා ඇත.
තමන් පාපන්දු ක්රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබේ.
නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බවත් සඳහන් කර ඇත .
කෙසේ වුවත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව පැවසූ බවය.
ප්‍රසාදිනී කුමාරි 'ස්පන්දන ' ජනගත කරයි !
චිත්‍ර ශිල්පිණී ප්‍රසාදිනි කුමාරි , තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 'ස්පන්දන' (Pulse) නමින් එළිදැක්වීමට නියමිතය.
'ස්පන්දන' සමාරම්භක උත්සවය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 2022 ජුනි 03 වන දින ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා පැවැත්වේ. ඊට අමතරව ජුනි 4, 5 දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ද සැමට විවෘතව පවතියි.
ඇක්‍රිලික් සහ තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් අඳින ලද කැන්වස් චිත්‍ර 30ක් ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක මෙන්ම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද ඇය කටයුතු කරයි. ප්‍රසාදිනී, දීර්ඝ කලක පටන් චිත්‍ර විෂයය ඇසුරෙහි නිරන්තර පර්යේෂණයෙහි යෙදෙන්නියකි.
Page 2 of 4