Language Switcher

වනිඳු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලොව අංක 01ට

V2025

ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග තේරී පත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  ඒ බව නිවේදනය කර සිටියේය.

මිට පෙර ලොව හොඳම විස්සයි 20 පන්දු යවන්නා ලෙස ස්ථානය තහවුරු කර ගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsiය.

24 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග මෙම වසරේ විස්සයි 20 තරගවලදී කඩුලු 34ක් දවා ගෙන ඇති අතර එය වසරක් තුලදී පන්දු යවන්නෙක් එම දක්ෂතාවය දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

දැන් පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේ ද කඩුලු 14ක් දවා ගනිමින් වනිඳු හසරංග පන්දු යවන්නන් අතුරෙන් පෙරමුණේ පසුවෙයි.