ඉන්දියාවේ ඔලිම්පික් කාන්තා හොකී රන් පදක්කම දිණූ රාණි රම්පාල් ගේ ජිවිතයෙන් බිඳක්:
"මට ඕනි වුනේ මේ දුෂ්කර කටුක ජිවිතයෙන් ගැලවෙන්න. නිතරම ඇනහිටින විදුලි බලයෙන්, එදිනෙදා වේල හොයාගන්න කරන අරගලයෙන්, වහින කොට ගංවතුරට යට වන පැල් පතෙන්, නිදා ගන්න කොට වද දෙන මැහි මදුරු කරදරෙන් බේරෙන්න මට ඕනි උනා."
"ඉන්දියාවේ හොකී ඇකඩමිය තිබුනේ අපේ පැල්පත මායිමේ. මම පැය ගණන් මිදුලට වෙලා හොකී ක්‍රීඩිකාවෝ ක්‍රීඩා කරන හැටි බලා හිටියා. මට ඇත්තටම එතකොට හොකී සෙල්ලම් කරන්න අදහසක් ආව. ඒත් මට හොකී පිත්තක් කෝ ? තාත්තට කරත්ත තල්ලු කරල දවසටම හම්බ වෙන්නේ රුපියල් අසූවයි. මම හැමදාම පුහුණුකරු හම්බ වෙලා, " අනේ මාවත් හොකී ගහන්න පුහුණු කරන්න කිව්වත් එයා මාව ගත්තේ නැහැ. ඔයාට පිත්තක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මන්දපෝෂණය හින්ද මේ දුර්වල ඇඟක් තියාගෙන පැය ගාණක් පුහුණු වෙන්න බැරි බවත් කිව්වා. "
"මෙහෙම ඉන්නකොට මට හම්බ වුනා කැඩිච්ච හොකී පිත්තක්. මට පුහුණු වෙන ඇඳුම් තිබුනේ නැහැ. මේ නිසා සල්වාරි ඇඳුම පිටින්ම තනිවම හොකී ගහන්න පුරුදු වුනා. ඒ අතර ආයෙත් පුහුණු කරුට ආයාචනා කළා . අන්තිමට එයා කැමැත්තෙන් මාව බඳවා ගන්න කැමති වුනා.
" නමුත් මේ ගැන මගේ පවුලට කිව්වම මේකට විරුද්ධ වුනා. ඒ ගොල්ලෝ කිව්වේ 'ගෑනු ඉන්නේ ගෙවල් වල වැඩ කරන්න බං ..විකාර නැතිව ඉඳින් කියලයි. " "මම ඒ ගොල්ලන්ට නැවත ඇවිටිලි කරලා කිව්වේ, හොඳයි හොකී ගහල මට වැඩක් වුනේ නැත්තනං ඕගොල්ලෝ කියන ඕනි දේ කට එකඟ වෙන්නම් කියලයි. ඔන්න ඒගොල්ලොත් ඊට පස්සේ අකමැත්තෙන් ඉඩ දුන්න.
පුහුණුව පටන් ගන්නේ උදේම. අපේ ගෙදර ඔරලෝසුවක් වත් නැහැ. අම්ම ඉර නගින අහස දිහා බලා ඉඳල මම කූද්දලා , පුහුණුවට ඇරියේ. අපිට එහිදී හැම කෙනාම මි.ලි.500 කිරි ගේන එක අනිවාර්යය වුනා. අපේ පවුලට මි.ලි.200 කට වැඩිය කිරි ගන්න වත් කමක් තිබුනේ නැහැ. මම ඉතුරු හරියට වතුර දාල බීල පුහුනුවේ දිගටම යෙදුන.
කාලයක් ගතවුණාම මගේ පුහුණුකරුවා මගේ හැම දුෂ්කර තත්වයකදිම උදව් කරන්න පටන් ගත්ත. අන්තිමට ඔහු මාව ඔහුගේ පවුලේ කෙනෙකු ලෙස හදා ගනිමින් අවශ්‍ය පෝෂණ ආහාර අවශ්‍යතා ලබල දුන්න. මම එක පුහුණු දවසක් වත් මග හැරියේ නැහැ.
මට මතකයි, අපි තරගයක් දිනලා මුල්ම පඩිය ගත්තු දවස. ලැබිච්ච රුපියල් පන්සියම මම තාත්ත අතට දුන්න. එයා කවදාවත් එච්චර මුදලක් අතින් අල්ලල නැහැ. මම මගේ පවුලේ ඔක්කොටම පොරොන්දු වුණා , මම නවතින්නේ ඕගොල්ලන්ට ඉන්න ගෙයක් හදල දීල කියල. මම පුළුවන් තරම් මහන්සියෙන් පුහුණු වීම් වල යෙදුන. අන්තිමට ප්‍රන්තයම නියෝජනය කරලා චැම්පියන් තරගාවලි කිහිපයක්ම දිනුව.ජාතික කණ්ඩායමට එක් වෙන්න කියල මට ආරාධනාව එනකොට මට වයස අවුරුදු 15 යි. අන්තිමේ දී මම ඉන්දියානු හොකී ටීම් එකේ නායිකාව වුනා. නෑදෑයෝ නම් කිව්වේ, " ඔන්න ඔය විකාර නවත්තල කසාදයක් බැඳගෙන ජිවත් වෙයන්" කියල. තාත්ත නම් කිව්වේ, 'උඹේ හදවත කියනකම්ම සෙල්ලම් කරපන්.' කියල.
2017 මම සිහිනය සැබෑ කරගෙන පවුලේ අයට ගෙයක් හදල දුන්න. එදා අපි හැමෝම එකට බදා ගෙන ඇඬුව . මගේ ගමන එතනින් නැවතුනේ නැහැ. පුහුණු කරුවාට හා රටට වුනු පොරොන්දුව ඉටු කරන්න මට පුළුවන් වුනේ මේ අවුරුද්දේ ටෝකියෝ වලදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමෙන්.'
පරාක්‍රම බස්නායකගේ ෆේස්බුක් ගිනුමෙනි