කොවිඩ් ප්‍රතිසංස්කරණ එන්නත් ඇතුලු බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති තම සමාගමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දෙන්නේ නැතැයි දේශීය ඖෂධ සමාගමක් වන පන්නල නිව්ජෙන් ලංකා සමාගම චෝදනා කරයි.
රට ඩොලර් අර්බුදයකට මුහුණ පා ඇති මෙම අවස්ථාවේ දී ඖෂධ ආනයනය සදහා වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන ඖෂධ අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි අවස්ථවක් රජයට මගහැරී ඇතැයිද එම සමාගමේ සාමාන්‍යාධිකාරි රොහන්ත දිසානායක පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සීයට දෙකක් පමණක් බවද ඔහු පවසයි.
වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කරයි.
අපි 2017 වර්ෂය වෙනකොට යටිතල පහසුකම් ඇතුලු සියලු ඉදිකිරීම් අවසන් කළා. මෙහිදී අපි නිෂ්පාදන ඒකක තුනක් ඉදිකලා. සාමාන්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ සහ ජෛව සමාන නිෂ්පාදන මෙම ඒකක තුන තුල නිපදවීමට සැලසුම් කළා. ඒත් එක්කම අපි මෙම අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පරීක්ෂා කිරීම් කටයුතු සදහා අති නවීන තාක්ෂණික උපාංග වලින් යුතු පරීක්ෂණාගාර කීපයකුත් ඉදිකරලා තියෙනවා.
අපි 2017 වර්ෂයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට කිව්වා අපිට බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ සදහා අපි නියැදි සහිතව අවශ්‍ය ලිපිගොනු එම ආයතනයට බාරදුන්නා. මේ ආකාරයෙන් අපි නිෂ්පාදන කටයුතු සිදුකළානම් ඖෂධ ආනයනය සදහා වසරකට වැයවන මුදලින් රුපියල් බිලියන 5 ක් මේ රට තුල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා. ඒ සමගම අපේ නිෂ්පාදන අපනයනය කිරීම තුලින් වසර දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 50 බැගින් විදේශ විනිමයක් උපයාගැනීමට හැකියාවක් තිබුණා.
අප නිෂ්පාදනය කරන ඖෂධ ම්ළදී ගැනීම සදහා අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ගිවිසුමකට එළැඹියා නමුත් ඒ කටයුතු ක්‍රියාත්මක වුනේ නැහැ. ඒත් එක්කම ජෛව සමාන නිෂ්පාදන නිපදවීම ආරම්භ කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට කර්මාන්තශාලාවේ යම් යම් අවශ්‍යතා සපුරාගන්නා ලෙස දන්වා සිටියා. ඒ අනුව කටයුතු කරමින් අපි ඒ කටයුතු සිදුකළා. ඉන්පසු අපි අමුද්‍රව්‍ය ආනයනය කරලා අදාල ඖෂධ වල නියැදි නිෂ්පාදනය කළා. අපට ඒ සදහා රුපියල් මිලියන 500 ක් වැයවුනා. මේ ඔක්කොම පිළිකා සදහා ලබාදෙන ඖෂධ. දැන් අපි ඒ නියැදි වසර දෙකකට ආසන්නව ළග තබාගෙන ඉන්නවා. නමුත් අපට තවමත් අනුමැතිය ලැබී නැහැ. අපි ඒ නියැදි අදාල තත්ව යටතේ තබාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපිට තමා සම්පූර්ණ ජීවානුහරණ පද්ධතියක් සහිත කර්මාන්තශාලාවක් තියෙන්නේ මේ රටේ.
මේ දිනවල විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සදහා ඒ අදාළ අමුද්‍රව්‍ය ගෙනල්ලා කෙළින්ම නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. අපි ඒ ගැන රජයට කියලා තියෙනවා නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. ඒ වගේම අපි රුසියාවේ සහ වියට්නාමයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් සමග තාක්ෂණය හුවමාරු කරගැනීමට ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ අනුව එම සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන රටවල් වලට අපේ නිෂ්පාදනත් අලෙවි කිරීමේ හැකියාවක් අපට තියෙනවා.
මෙම කර්මාන්තශාලාවේ ධාරිතාවයෙන් සීයට එකක් දෙකක් පමණ නිෂ්පාදනයක් කරලා අපට මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන විදේශික සේවක සංඛ්‍යාවක් බදවාගෙන තිබෙනවා. ඒත් එක්කම මෙරට තරුණ උපාධිධාරින් පිරිසක් අපි සේවය සදහා එක්කරගෙන තියෙනවා. ඔවුන්ට නිසිලෙස වැටුප් ලබාදීම සහ කර්මාන්තශාලාව නඩත්තු කරගෙනයාමට විශාල මුදලක් වැයවෙනවා. අපේ ධාරිතාවය අඩුම වශයෙන් සීයට අසූවකටවත් පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම අපට තවත් රැකියා 400 ක් පමණ ලබාදීමට හැකියාව තිබෙනවා.