“කුමන අඩුපාඩුකම් තිබුනත් බණ්ඩාරනායක 1956 දී කළේ ඒ මොහොතේ දී කළ යුතුව තිබුණු ප්‍රගතිශීලීම වැඩකි. එහි තිබුණු එකම අඩු පාඩුව වන්නේ, සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීම වෙනුවට සිංහල භාශාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි” අනුරුද්ධ ප්‍රදීප් කියයි. Anuruddha Pradeep Karnasuriya
ඇත්තටම මේවා විහිළු සහගත ප්‍රකාශය. ඉතිහාසය බිංදුවක් දන්නා යමෙක් මෙවැනි මුග්ධ තර්ක ඉදිරිපත් නොකරනු ඇති. අපි ගතු කියන්නේ බණ්ඩාරනායකගේ මේ අඩුව පිලිබඳවය. ඒ අඩුවට මග කියූ සහ එය විසින් ශ්‍රී ලංකා දේශපාලනයට, සමාජයට අත් පත් කර දුන් හින්සනීය උරුමය පිලිබඳවය. ප්‍රදීප්ලා විසින් පසු කාලීනව මුලිකත්වය දී පෝෂණය කල ඒ හින්සනීය ඉතිහාසයේ අර්බුදය පිළිබඳවය.
බණ්ඩාරනායකට ඇති විවේචනය “ඉංග්‍රීසි භාෂාව අහිමි කිරීම පිළිබඳව පැමිණිල්ලකි” හෝ “යටත් විජිතයට එරෙහි නොවිය යුතුව තිබුණාය” වැනි මුග්ධ තර්කවලට ඌනනය කිරීම ප්‍රදීප්ලාගේ දේශපාලන තක්කඩි කමකි.
බණ්ඩාරනායකලා “ප්‍රගතිශීලින්” ලෙස අර්ථ දක්වන්නේ ප්‍රදීප්ලා සිය විලි වසා ගැනීම සඳහාය. හරියට මේ කියන්නේ එකළ තිබු එකම කතිකාව යටත් විජිත භාෂාවෙන් රට බේරා ගැනීම වැනිය. මේ භාෂා පනතට පමණක් නොව බණ්ඩාරනායක හාමුදුරුවරු සමග රට ජාතිවාදයේ දිශාවට දැක්කීමට එරෙහිව විශාල කතිකාවක් තිබුණි. බණ්ඩාරනායකලා තඹ සතයකට එම විරෝධයන් මායිම් කලේ නැත.
ඒ නිසා අපි කලබල විය යුත්තේ මේ තක්කඩි ලිබරල් ආස්තානවලින් “ප්‍රග්තිශීලීත්වය” මනින ප්‍රදීප්ලාගේ දේශපාලනය පිළිබඳවය. ඔවුන් සිය ජාතිවාදී දේශපාලනය අත් හරින්නට ඇති අකමැත්ත මේ මගින් පෙන්වා දෙයි. මන්ද ඔවුනට සිය දේශපාලනය කිරීමේ “චින්තන අවකාශය” තනා දුන්නේ බණ්ඩාරනායකලාගේ ජාතිකවාදී දේශපාලන කතිකාව විසිනි. එම කතිකාව පොහොසත් කිරීමත් ඒ හරහා රට ලේ විලක් කිරීමත් සුවපත් නොවන තුවාල සහිත දෙමළ සිංහල බෙදීම් ඇති කරමින් රට ආගාධයට දියත් කිරීමත් හැරුණු කොට ප්‍රදීප්ලාගෙන් රටට වූ තඹ දොයිතුවක වැඩක් නැත. වැඩක් තිබෙන බවක් පෙනෙන්නටද නැත.
ඒ නිසා ප්‍රදීප්ලා කල යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිවල අත පත ගෑම නොව අලුතෙන් චින්තන සිතිජයක් සොයා ගැනීම වෙනුවෙන් මහන්සි වීමය.
ගීතිකා ධර්මසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි .
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .